වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව මාර්තුවේ විභාගයට
කොළඹ කොටහේන හා තදාසන්න ප්රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 28 වැනිදා කැඳවීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) නියම කළේය.