
(අංජුල මහික වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රට ගොඩ නගන්නට දැනට යන මාර්ගය හැර වෙනත් විකල්පයක් තිබේ යැයි යම් පක්ෂයක් කියනවා නම් මූල්‍ය අරමුදලට ගොස් ඒ විකල්පය ගැන සාකච්ඡා කරන්නට ඔවුන්ට ගුවන් ටිකට් පත් සහ නවාතැන් ආණ්ඩුවේ වියදමින් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම පක්ෂ ඉදිරිපත් කරන විකල්ප හොඳ නම් ඒවා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා කීය.
තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්නට නොහැකි බව කී ජනාධිපතිවරයා අප අද ගන්නා තීරණ අනාගතයට බලපාන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝකර් ලා දන්නේ රටක් පාලනය කිරීමට නොවෙයි විහිලු කිරීමටයි
විකල්පය තවත් දික් කරන්නේ නැ, ඔයත් ගෝඨා වගේ ගෙදර යන්න
නොමිලේ දෙන්නෙ ගෙදරින් ගෙනැල්ලද. නෑ ඒ අපේ බදු සල්ලි. එහෙම දෙන්න බෑ.
ගුවන් ටිකට්පත් අරන්දෙන්නේ කාගේ බූදලෙන්ද? ඒකටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. වයසට ගියාම කියන විකාර කතා නවත්වලා කරුනාකර චන්දය තියන්න. එතකොට මහජනතාව සුදුසු උත්තරයක් දෙයි.
ආණ්ඩුකරණය කියන්නේ අයිඑම්එෆ් යෑම හෝ නොයෑම හෝ පමණක් නොවේ
එකම විකල්පය ලංකාව දාලා වෙන රටක පදිංචියට යන්න. ඒකට පුළුවන් නම් නොමිලේ ගුවන් ටිකට්පත් වීසා දෙන්න.
නොමිලේ කියන්නේ ඔයාගේ පවුලේ සල්ලි වලින් ද? එහෙම නැති නම් ඔයා ජනතාවට උහුලන්න බැරි බදු ගහලා එකතු කර ගත්තු සල්ලි වලින් ළඟදී ඔයා ඔයාටම කියලා වෙන් කර ගත්තු කෝටි 827 න්ද? අනේ යන්න මහත්තයෝ...!
ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද?
ඔයාගෙ ඔය කරන විහිළු වලට හිනා වෙන්න කුච් කවා ගන්න ඕන.
ලොකු විකල්ප එපා මහත්තයෝ. ඔබතුමාගේ යාලුවන්ගේ කපා ඇරපු බොල්ණය කෝටි 5400 අයකර ගන්න. සුරා බදු කෝටි 600 අයකර ගන්න. සීනි බදු, සුදු ළූණු බදු, ළූණු බදු වංචා මුදල් අය කර ගන්න. ඔබතුමාට වෙන්කර ගත් කෝටි 875 ලබා දෙන්න. මහා පරිමාණ ව්‍යාපාරිකයා වෙනුවට පොඩි ව්‍යාපාරිකයන්ට සහන දෙන්න. ඔබතුමාගේ විදෙස් සංචාර , හෙලිකොප්ටර් සවාරි අඩු කරන්න. පිටිපස්සෙන් යන වාහන පේලිය අඩු කරන්න. පැරදිලා ඉන්න යූන්පි කාරයෝ ටික රජයේ මුදලින් නඩත්තු කරන එක නවත්වන්න.
ඔබතුමා යන මඟ පැහැදිලියි. නමුත් පිරිවරා සිටින පිරිසයි ප්‍රශ්නෙ.
බොහෝම කාලයක සිට අපේ ජාතියම ණය උගුලේ දමන්නට එපා කිව්දේ ඇහුවේ නෑ. ණයට කකා සමනලුන් පෝෂණය කළා දැන් කොහොමද අහනවා.
රට කොහොමත් ආයේ ගොඩ ගන්න බැහැ , එත් රට වලට දාපු හොරුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ , සුත්තර පුංචා ඔතන ඉන්නකන් ඒවා බොරු
රජයේ මුදල් යනු ඔබේ පුද්ගලික මුදල් නොවේ ඒකත් උබල උන්ට අල්ලස් දෙන්නේ රජයේ සල්ලි වලින් .උඹල නිසා අපේ රට මේ තරම් පහත වැටුණ එක පුදුමයක් නෙමේ ඇයි ඔබ ඔවුන්ට ඔබේ පුද්ගලික මුදල් සහ මහ බැංකුවෙන් කොල්ලකන මුදල් ලබා නොදෙන්නේ
මම පුද්ගලික අංශයේ සේවය කර යම්කිසි මුදලක් ඉතිරි කර එම මුදල් බැංකුවේ දමා පොලියෙන් ජීවත් වෙන විශ්‍රාමිකයෙක් කාටවත් කරදරයක් නොවී ඒ ලැබෙන සොච්චම් මුදලෙනුත් 5% ක් කපනවා ඒ කපන සල්ලි වලින් තමා මේ අපටත් වඩා මහලු අය පිස්සු කෙලින්නේ අම්මා අප්පගේ සල්ලි ඕවට වියදම් කරනවා නම් කමක් නැහැ
පට්ට ජෝකර් කෙනෙක් වෙලා.... කොහොමත් එහෙම තමා නේද?
ආදරණීය අචිනි, ඔබ කියන්න උත්සාහ කරන්නේ කුමක්ද? ඔබට ගුවන් ටිකට් පත ඉතිරි කර ගැනීමට අවශ්‍යද නැතහොත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නිවැරදි තීරණයක් ගැනීමට අවශ්‍යද? ඇත්තම ඇත්ත තේරුම් ගන්න බැරිනම් කමෙන්ට් දාන්න වෙලාව නාස්ති කරන්න එපා.
නිකන් විහිළු සපයන්නේ නැතිව ඉන්න
මේ මනුස්සයාට හිතෙනවා ඇති අපේ සල්ලිවලින් රට යන පිස්සුව හැමෝටම තියෙනවා ඇති කියලා.
කිසි දෙයක් දෙන්න එපා දැනට යන මාර්ගය ගොඩක් හොඳයි .හරිම වාසනාවන්ත ගමනක් මිනිස්සුන්ට නිකන් ගෙදරට වෙලා නිදාගෙන හිටියත් කෑම සල්ලි ලැබෙනවා ,මොන තරම් දියුණු රටක්ද.ඔයාම මේ කළා වගේ ආණ්ඩුවේ වියදම් සේරම කරගන්න
අපෙන් අහන්නෙ ඇයි? තමුන්ලා කරනවනේ, අනෙක ඒක ඔබට කියන්න හේතුවක් නැහැ, මේ තත්ත්වයට පත්කර අයම මෙහෙම අහනවා කියන්නේ ඒක පට්ට ජෝක් එකක්
මූල්‍ය අරමුදලට විකල්ප ඒ ගොල්ලොත් එක්කම කතකරලා හරියන්නේ නෑ නේද? ලසන්ත
එයාගෙ පෞද්ගලික මුදලින් ද දෙන්නෙ ?