
(මනෝප්‍රිය ගුණසේකර)
තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය වී බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමන්ට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් අද ඉදිරිපත් කළාය.
වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන්නැයි ඉල්ලමින් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා මාර්ගයෙන් ගොනු කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරිවරියට බාරදුන් නීතීඥවරු අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකාරිය කරමින් නිකුත් කළ තීන්දුව දෝෂ සහගත බවත් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විනිසුරුවරයා සැළකිල්ලක් දක්වා නැති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වරදකාරිය කරමින් දුන් තීන්දුව හා තමන්ට පැනවු දඬුවම් ඉවත දමා සියළු චෝදනා වලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඇය ඉල්ලා සිටින්නීය.
මෙම අභියාචනා පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන 04 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා වගඋත්තරකාර නීතිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කළේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ අනේ... පව්නේ... බේරා ගනිල්ලකෝ...!
කටහැකර කමට සීමාවක් දා ගන්නේ නැතුව අභියාචනාධිකරණයට ගිහින් එතැනින් සහනයක් ගත්තත්, තමුන්ගේ හෘද සාක්ෂියෙන් නම් බේරෙන්න නොහැකියි..!
අභියාචනාධිකරණයෙන් මෙයාව නිදොස් කොට නිදහස් කරලා අර කොලුවාව ඇතුළට දාන්නත් පුලුවන්... බලමුකෝ...
මේවගේ රස්තියාදුකාර අම්මන්ඩිලාද මහජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන්නේ? නොදෝමකින් විතරක්. මම ප්‍රර්ථනා කරනවා මේ ඇපීල් එක විසිකරලා දඬුවම ස්ථිර කරයි කියලා. තව අවුරුදු 10ක් සිරදඬුවම වැඩිකළත් කමක් නැහැ. මොකද එළියේ හිටියයි කියලා මෙයා මොනවද කරන්නේ? ඔහේ කියව කියවා, චණ්ඩි පාට් දදා යන එක විතරනේ කළේ...
ඔන්න දැන් තමයි රනිල්ට පණිවිඩයක් යවන්න වෙලාව...!
මේ තමයි රාජිත අන්කල් ගිහින් දුන්න රනිල්ගේ සැලැස්ම එලියට ඇවිල්ලා රනිල්ව ශක්තිමත් කරන්න ඕනැ කියයි
කුඩු සල්ලි...
මිනිස්සු පැහැරගෙන යාම පහරදීම සහ ඝාතනය කිරීම වගේ ලොකු වැඩ කරන්න පුළුවන් බණ්ඩාරනායකලා වික්‍රමසිංහලා රාජපක්ෂලා වගේ අයට විතරයි. ඒ නිසා තමන්ගේ තරම තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න ඉගෙන ගන්න හිරුනිකෝ, නැත්නම් ඔයාට වෙන්නෙත් ගෙම්බාට වෙච්චි දෙයමයි...
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කිසි දිනක වෙනස් කරන්න එපා පව් අර බන්ධනාගාර වල සිරගතවෙලා දුක් විඳින මිනිස්සු කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න
ඇයව නිදහස් කරොත් බන්ධනාගාරවර ලැගලා ඉන්න අහිංසක මිනිස්සුන්ට අසාධාරණයක්