මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ වාහනවලට අලාභාහානි කරද්දී කටුගස්තොට නගරයම භීතියෙන් ඇළලී ගිය බවද වාර්තාවේ . 12 May 2024
සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ සහ උපදේශ නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. 12 May 2024
සාපෙළ විභාගය නිරීක්ෂණයට අතිරේක නිලධාරීන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 12 May 2024
කොළොන්න මහවැලියට රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 29 සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 18 ක් නව මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව වාරිමාර්ග වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 12 May 2024
විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය. 12 May 2024
ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකියා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙමින් ඉතිහාස පොත් අතරට එක්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත් විය. 12 May 2024
සජිත් පටන් ගත් වැඩ ඉවර කරන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී වැඩ ආරම්භ කර අවසන් නොකළ නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 12 May 2024
පොලිස් අණ නොතකා ගිය ලොරියට වෙඩි පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. 12 May 2024
එකට ඉපිද එකම දා එකටම යුග දිවියට කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ දිවියට ඇතුලත්වීමෙි දුලබ සිදුවීමක් දැක ගන්නට ලැබිණ. 12 May 2024
ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට 2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 May 2024
මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලීසිය පවසයි. 12 May 2024
දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක් වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි. 12 May 2024
වට්ස් අප් වලින් ඉංග්‍රීසි පේපරේ යැවූ ගුරා අත්අඩංගුවට අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්අප් හරහා බෙදා හැරි බව කියන ගුරුවරයෙක් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 12 May 2024
පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු පොලිස් සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 12 May 2024
පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි 12 May 2024
සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 May 2024
ළඳරු කිරි බෝතලෙන් පුපුරණ ද්‍රව්‍ය, උණ්ඩ මතුවේ ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු වැලිපැන්න සිරිසඳ ,කොලැහැකඩ,නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 May 2024
පොලිසියේ එකක්, යුද හමුදාවේ දෙකක් කුඩු ගහද්දී මාට්ටු හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් අසල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ යුධ හමුදා සෙබළුන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 12 May 2024
පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත විය. 11 May 2024
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණයක් බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 May 2024
අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 11 May 2024
බිහිසුණු අනතුරකින් සාපෙළ සිසුවියකට බරපතලයි ඉතා අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙසට යමින් සිටි සිසුවියක තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 11 May 2024
පාසල් සිසුවියක් දරුවකු බිහි කර රෝහලේ දමා ගිහින් යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 11 May 2024
ලංගමට බසයක් පෙරලී 9ක් රෝහලට හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (11) දහවල් පෙරලීමෙන් තුවාල ලැබූ නව දෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට හා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කොට ඇත. 11 May 2024
එන්න ලැබුණොත් කරන දේ කියයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කළාය. 11 May 2024
ඩයනාට රූපවාහිනියෙනුත් නඩු රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි. 11 May 2024
ජේෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය මාත්‍ර රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. 11 May 2024
ලැට්වියාවට පනින්න ගිය පහක් අල්ලයි ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශසීමා ආරක්ෂකයන් ප්‍රකාශ කළේය. 11 May 2024
පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 11 May 2024
මංගල සාදයට ගොස් එද්දී අනතුරක්:අයෙක් මරුට නවයක් රෝහලට විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි. 11 May 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026