
(අංජුල මහික වීරරත්න)
ඉන්දියා රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පිණිස ඉන්දීය රජය විසින් පිරිනමන ලද අරමුදල් උපයෝගී කර ගෙන එම දිස්ත්‍රික්කයේ වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 3,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා 2016-10-25 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ව්‍යාපෘතිය වසර තුනක කාලසීමාවක දී නිම කළ යුතුව පැවති නමුත්, පැන නැගී ඇති මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් 2024 ජුනි මාසය දක්වා ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමටත්, ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසි වැසි ජල ටැංකි 1,831 ක් ස්ථාපිත කිරීමටත් 2022-10-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ඉතිරිව පවත්නා අරමුදල් වලින් වැසි ජලය එක් රැස් කිරීමේ ටැංකි 934ක් ස්ථාපිත කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහක් ගලක් ගානේ ලංකාවේ ඉංජිනේරුවෝ . හැබැයි වතුර ටැංකි ගහන්න ඉන්දියාවෙන් එන්න ඕනේ . ඉතින් රටකට හරියයි ද ?
මේ සුළු වැඩෙවත් මේ ආණ්ඩුවට කරන්න බැරි නම්.....ඇයි මේවාට ඉන්දියාව සම්බන්ධ කරගන්න ඕනේ? මේ වැඩේ හරි කරන්න බැරි මේ ජනාධිපති, ඉතින් කොහොමද කියන්නේ ඔහු රට බංකලොත් භාවයෙන් ඔහු නිදහස් කළා කියල?
වැඩි සෙනේ දබරෙට කියලා කිව්වා කියලා මතක තියා ගනිල්ලා හොදේ
ලංකාවේ ඉන්ජිනේරුවෝ ලක්ෂ ගානක් ඉන්නවා යාපනයට වතුර දෙන්න බෑ. මට මතක් වෙන්නේ මලාවී රටේ දුප්පත් ගමක අවුරුදු 14ක ළමයෙක් රටේ නියඟයෙන් බැට කද්දී ඉන්ජිනේරු තාක්ෂණයෙන් මුළු ගමම බේරාගත්තා. එහෙම බැලුවාම ලංකාවේ ඉංජිනේරුවන් නමට විභාග පාස් කරපු ජාතියක්.