
( ජේ එල් ඒ ජයසිංහ, ෂේන් සෙනෙවිරත්න සහ චන්දන උඩුවාවල )
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව අධිකරණ සංකීර්ණය තුළ සියලු නඩු කටයුතු නවතා එහි සිටි ජනතාව ඉවත්කොට පුළුල් පරීක්ෂාවක් සිදු කරන බව පොලිසිය කියයි .
අද (02) පෙරවරු 10.00 පමණ එම දුරකථන ඇමතුම ලැබී තිබූ අතර පොලිසිය වහාම විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා එම විමර්ශන කටයුතු සිදුකරයි .
ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු අවධාරණය කර සිටියේ මෙම දුරකථන ඇමතුම කිසියම් පුද්ගලයකුගේ ව්‍යාජ දුරකථන ඇමතුමක් බවට අනාවරණය වුවහොත් තොරතුර ලබාදුන් දුරකථන අංකය ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ... ඉස්පිරිතාලේ එහා පැත්තෙනේ තියෙන්නේ…
ආයෙත් විරුවෙක්ව ගෙන්නන්න වත්ද මේ වෑයම….?