(අංජුල මහික වීරරත්න)
මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ග්‍රාම නිලධාරි වසම් අටක ජීවත් වන 50,000 කට ආසන්න ජනතාවක් සඳහා සේවා සපයනු ලබන මහබාගේ පොලිස් ස්ථානය දැනට කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි පර්චස් 21.5 ක් වූ කුඩා භුමි ප්‍රමාණයක පවත්වා ගෙන යනු ලබයි.
එම තත්ත්වය මත රථවාහන ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොතිබීම, නඩු භාණ්ඩ රඳවා තැබීමට සුදුසු ස්ථානයක් නොපැවතීම, භට නිවාස පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම නිල නිවාස නොතිබීම ආදී කරුණු හේතුවෙන් මහජනතාව හා සේවයේ නියුතු නිලධරයන් මහත් අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින බව හඳුනාගෙන තිබේ.
එබැවින් එම පොලිස් ස්ථානය සඳහා අවශ්‍ය පහසුකම් සංර්වධනය කිරීම පිණිස වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලය පූර්වයෙන් ස්ථාපිත කර තිබූ ඉඩමෙන් පර්චස් 40ක ප්‍රමාණයක් වෙන් කර දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd