
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බව ජනාධිපතිවරයා කීය.
ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ අතර කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10.6 11.7 14.17 12.5 = 49.5 බිලියන
සුබ ආරංචියක්...!
ඕවා මහ ජනතාව වන අපට අදාළ නැත. අපට අවශ්‍ය අපගේ සදාරණීය නායක අනුර කුමාර සහෝදරයා බලයට පත් කිරීමට පමණි. අන්තර්ජාලය හොග් ගාලා ගියත් නොමැකෙන මාලිමා පොත් පිංචේ ඇති ලෙස සුනිල් හඳුන්නෙත්ති ආර්ථික විශේෂඥ සහෝදරයා සමග එක්ව ඔහු මෙම ණය, බොල් ණය බවට පත් කරනවා ඇත. අප විශ්වාස කරන්නේ මාලිමාව පමණි. කපා කපා කෑලි කැපුවත් අපි එසේයි...
ඔය කථාව කියන්න පාර්ලිමේන්තුව රැස්කරන්න කීයක් වියදම්ද? අපේ රට බංකොලොත් බවෙන් නිදහස් කිය, කියා බොරු පම්පෝරි ගහනවා. මහජන මුදල් කාබාසිනයා කරනවා. 225 ට ජොලි කරන්න... රටේ මිනිස්සුන්ට. තුන්වේල කන්න නැහැ.
මහ බැංකුව කොල්ලකන්න දීලා හරිම ආඩම්බරයෙන් කියන ලස්සන...
මොන තරම් දෙයක්ද තාම 40 ක් වත් වෙලා නෑ .හරිම ආඩම්බරයි .ඔහොම යන් .ඔයා තව සැරයක් ජනපති වෙලා මේක 50 ක් හරි 60 ක් හරි කරලා දීලා යන්නකෝ අනේ
සෑහෙන්න සංතෝශයි ඒ කියන්නේ ඩොලර් බිලියන 23 කගේ ණය ගෙවලා ... බලන්නකෝ මෙයාගේ වැඩ අපිට කියන්නේම නැතුව ණය ටික ගෙවලා
අනේ මන්දා මේගොල්ලො කියනව අපි අහනවා! මෙතනම 10.6 11.7 14.7 12.5 බිලියන 49.5ක් ලෝක බැංකුවෙන්, ඉන්දියාවෙන්, චීනෙන් මේදවස්වල ගනිමින් පවතින ඒව නැතිව වෙන්න ඇති, මයෙ හිතේ! දේශීය ණයත් එක්ක 100 පැනලා ලු...නේද? නැත්නම් ණය ගෙවන්න පටන්ගන්නත් කළින්ම පිං ජනපතිගේ පිනට ණය බිලියන 50ක් ගෙවිලාද?
මූල්‍ය අරමුදලට විකල්ප ඒ ගොල්ලොත් එක්කම කතකරලා හරියන්නේ නෑ නේද? ලසන්ත
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා 9 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරයේ සමාරම්භක අවස්ථාවේදී 2024-02-07 දින ප්‍රතිපත්ති ප්‍රකාශය 2023 සැප්තැම්බර් වන විට අපේ මුළු ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 91ක් වුණා. මෙය සමථයකට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇත. ණය. අපගේ ණය පියවා ගැනීමට නම්, අපි දේශීයව අරමුදල් ලබා ගත යුතුය. අපි මේ ආදායම උත්පාදනය කිරීම අත්‍යවශ්‍යයි; එසේ නොමැති නම්, අපි නැවත වරක් ණය උගුලකට වැටීමේ අවදානමක් ඇත. නිවැරදි ප්‍රකාශය කුමක්ද? 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය සමාරම්භක අවස්ථාවේ දී ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ හෝ අද ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ද?
අද රනිල් විවේචනය කරන ඔය කයිවාරු කාරයෝ ඔක්කොම එදා ඇඩ්ඩ්‍රස් නැතුව පෝලිම් ගානේ කන්කෙඳිරි ගගා අහසට අත් දික් කරලා හතර වටේටම සාප කර කර හිටියේ. ඒ ඔක්කොමයි, බයේ පැනලා දිව්ව එව්නුයි ඔක්කොම දැන් ඇඟට පතට පණ ඇවිත් එදා ජීවිතය දුන්න මිනිහව දඬුකඳේ ගහන්න කතාව. අපි එදත් රනිල් ට පුලුවන් කිව්වා. අදත් කියනවා. ප්‍රවීන දේශපාලඥයන් ගෙන් පටන් ගෙන, ඉගෙන ගෙන, ජාත්‍යන්තරයෙන් උදව් ගත හැකි, පිලිගන්න එකම දේශපාලන නායකයා ළෙස ජීවතුන් අතර ඉන්න රනිල් එලවලා ගේන්න කෝ ඔයාලා බලාපොරොත්තු වෙන නායකයෝ. කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොට. ඒදාට බලමු කොහොමද රඟන්නේ කියලා.
මෙතන ස්වෛරී බැඳුම්කර වලින් බිලියන 10 ක් ගත්තේ යහපාලන පූට්ටු ආණ්ඩුව කාලෙ(සිරා රනිල් අනුර) . ඒ කාලෙම හම්බන්තොට වරාය බිලියන 1 කට වික්කා.