
(ජේ.ඉඳුරුවගේ)
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාලව විනිවිදබාවය සහ සාධාරණත්වය සහතික කිරීම මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේ අරමුණ බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ආකාර දෙකක් යටතේ හඳුන්වා දී ඇති මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේදී ඖෂධ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් භාවිතා වන මිල ගණන් , තොරතුරු හා මූලාශ්‍ර භාවිතා කළ යුතු බවද ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා පනවා ඇති නියෝගවල සඳහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ සඳහා මිලක් නියම කරන එක වටිනවා. නමුත් මුලින්ම ඒ ඖෂධ රෝගීන්ගේ පරිහරණයට සුදුසුද කියලා බලන එක ඊටත් වඩා වටිනවා. මොකද ඖෂධ මිළ කළ හැකි නමුත් ජීවිත මිල කරන්න බැරි නිසා. අපි හැමදාමත් ඉස්තාලෙ දොර වැහුවේ අශ්වයා පැනලා ගියාට පස්සෙයි.
ඉතා හොඳයි නියම මිලට බෙහෙත් අලවි නොකරන ඖෂධ හල් ගැන දැනුවත් කරන්න දුරකතන අංකයක් ලබා දෙන්න