
(කේ. බුද්ධික කුමාරසිරි)
බීමත්ව කලහකාරී ලෙස හෝමාගම නගරයේ හැසිරුණු පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු පැහැරගෙන යාමට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
එලෙස සැකකරු පැහැරගෙන යෑමට පැමිණි පිරිස විසින් පහරදීම නිසාවෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පවසයි.
එසේම එලෙස අත් අඩංගුවට ගත් සැකකාර තරුණයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුද පොලිසිය පහර දුන් බවට පවසමින් අසනීප තත්වයන් පෙන්නුම් කල බැවින් එම සැකකරුවන් ගේ ඉල්ලීම මත හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.
තුවාල සිදුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන උප පොලිස් පරීක්ෂකවරයා හෝමාගම නගරය හරහා පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී එක් අයෙකු බීමත්ව හෝමාගම නගරයෙහි කලහකාර ලෙස හැසිරෙමින් සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බීමත් බව තහවුරු වීමෙන් පසු පොලිසිට රැගෙන විත් සිර මැදිරියෙහි රඳවා තිබියදී අනෙක් සැකකරුවන් පිරිස පැමිණ පොලිසිය තුළ කලාකාර ලෙස හැසිරෙමින් කෑ කෝ ගසමින් අත්අඩංගුවට ගෙන සිටි බීමත් සැකකරු බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දැරීම නිසාවෙන් දැඩි පරිශ්‍රමයක් දරා එම තරුණයින් පිරිසද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සිව් දෙනා රාජකාරියට බාධා කිරීම නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සැකකරුවකු පැහැරගෙන යාමට තැත් කිරීම සහ බලහත්කාරය පෑම යන චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් අපේ රටෙත් සිදුවෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ සිදුවන ආකාරයේ ජවනිකා. මේ වගේ අයට කරන්න ඕන ඒ සිනමාවල දෙන ආකාරයේ දඬුවම්ම තමයි.
පොලීසිය ඇතුළටම ඇවිත් මේ වගේ හැසිරෙන්නේ එක්කෝ නූගත් අසංවරකම නැත්නම් දේශපාලන හයිය...