
(ආරියරත්න රණබාහු)
ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය
මේ පෙරට එන ජන ගඟ අවලාද වලින් නතර කිරීමට නොහැකි බව තහවුරු වී ඇතැයි පැවසූ දිසානායක මහතා බාධක දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ යන කියමන සිහිපත් කරගත යුතුව ඇතැයිද කීය
ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම් මාලාවේ ප්රථම කළුතර දිස්ත්රික් රැළිය අමතමිනි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා කියා සිටියේ විසි එක් වෙනි සියවස වෙනුවෙන් අපේ රට නව පුනරද යුගයක් සඳහා පිම්මක් පැනිය යුතු බවය එම නිසා එළඹෙන ජනාධිපතිවරණය හෝ මැතිවරණය ජයග්රහණය කිරීමක් පමණක් නොව රටේ එම නව පිම්ම වෙනුවෙන් සියලු බලවේග එකට එක්වන අවස්ථා.වක් ලෙස මෙය සලකන ලෙසද ඉල්ලා සිටියේය.
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනතුරු සහන ලබා දෙන බව පැවසූ ඒ මහතා එම ජනතාව දෙපයින් නැඟී සිටිය හැකි නිෂ්පාදන ආර්ථික තත්ත්වයක් මෙරට ඇති කරන බවද පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා
මාත් ගියා මේකට. මේ දහස් ගානක මිනිස්සු ගොඩ අස්සේ මගේ අන්තිම බලාපොරොත්තුවක් තියනවා ❤️
දැනට බලාපොරොත්තු තිබිය හැක්කේ මාලිමාව ගැන පමණයි ඒකටත් දීලා බලමු. ඒගොල්ලෝත් අනෙක් අය වගේ නම් ඒගොල්ලන්වත් කුණු බක්කියට දාමු.
ගසනා මඬ වලින් අපි ගඩොල් සාදන්නෙමු, ගසනා ගල් සහ එම ගඩොල් යොදාගෙන අපි අලංකාර ගොඩනැගිලි සාදන්නෙමු. මඬ සහ ගල් ගසනා ඔබලගේ නිවාස කැඩී බිඳී විසිරී ගිය දිනක එන්න අපගේ නිවහන යටට. සහෝදරත්වයේ නාමයෙන් වැළඳ ගම්බේද ඉවත ලා.
කොහොමත් දැන් වැටෙමින් තමයි තියෙන්නේ. මතක නැතිද පරන මිනීමැරුම්, ට්රාන්ස්පෝපෝමර් පුපුරවපුව, බස් ගිනිතියපුව. ඕවත් එක්ක තව වැටෙන්න දෙයක් නැහැ. බොරුවට මාලිමාව කියලා බොරු කබායක් දැම්මට සහෝදරයෝ පරණ ජෙප්පොම තමයි අපිට.
ජයවේවා, මඩකට කිව හැක්කේ 87/88කාලයයි, ඒ කාලයේ ජවිපෙ තහනම් පක්ෂයක් ,තහනම් අය කළ කී දෑ සෙවීම තහනම් කරපු අයගේ වගකීමයි. එහෙම වගකීමක් එවකට රජයට තිබුණේ නැහැ ඒ අය කලේ ත්රස්තවාදී වැළැක්වීමේ පනත මගින් දකුණ මර්දනය කර, පාලක පක්ෂයේ අයට සියලුම වරප්රසාද දීමයි. ඒකට එරෙහිව තරුණ නැගිටීමක් තිබුණ, ඒ සියල්ලටම වගකීම පැවති රජය භාරගත යුතුයි.
පුද්ගලයන් නංවන බොරු පොරොන්දු නොව ජාතියක් රටක් හැටියට ගොඩයන ක්රමයක් සහිත දේශපාලන කරන මාලිමාව දිනවමු. පියන් ජොබ්, ලොකු ඉස්කොල, වැලි පස් ෆර්මිට් ගැන බලාපොරොත්තු නොමැති සියල්ල ගේ බලාපොරොත්තුව ඔබයි.
ජයවේවා
යුඑන්පි සහ ශ්රීලනිප මේ රට පාලනය කර අවුරුදු ගානක්.. ඒත් එයාලාට මේ රටේ ප්රශ්න විසඳන්න බැරි වුනා... යූඑන්පි එක සහ ශ්රීලනිප එක විකාර නම් වලින් නැවත නැවත එනවා එකම මිනිස්සු ටික අපේ බූරු ජනතාව තාමත් දෙන්නේ ඒ පක්ෂ දෙක එවුන්ට තමයි
මඩ මොකටද සහෝදරයා! සුනිල් හඳුන් සහෝදරයට, ලාල් කාන්තා සහෝදරයට, ටිල්වින් සිල්වා සහෝදරයට රැස්වීම්වල, ටීවී ටෝක් ශෝවල කතා කරන්න දුන්නම ඇති!
මඩ මොකටද ඔයාගේම ගෝලයෝ හා සගයන් ටිවි නාලිකා වැඩ සටහන් වල ලස්සනට දිගට හරහට කියන්නේ ඔයාලා පැටිකිරිය
හොර තක්කඩියන්ට රට හුරා කන්න නොදී මාලිමාවට චන්දය දෙමු