
(නිමල කොඩිතුවක්කු)
පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මෙම ණය මුදල ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.
දරුවන් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට තම සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවත් ඔහු සඳහන් කලේය.
මිල සංශෝධනය අනුව පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බැවින් ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අසාධාරණ ගාස්තු අයකරනවා. නොයන මාසවලට බාගයක් ගන්නවා. සති තුනක් ගියත්, මාසෙටම අයකරනවා. ඒ අයටත් ප්‍රශ්න ඇති. කොහොම නමුත්, නියාමනය වෙනව නම් තමයි හොන්ද.
මාතලේ සිට මහනුවරට ආර්ථික අර්බුධයට පෙර රුපියල් 5000යි තෙල් වැඩි වූ විට රුපියල් 13000යි. තවමත් ඒ් ගාස්තුවම අය කරනවා හරිම අසාධාරණයි නියාමනයක් අත්‍යාවශ්‍යයි
ඒකනේ. එහෙම අඩු කරන්න පුළුවන්ද? ඕන්නම් වැඩි කරලා දෙන්නම්. නැද්ද සහෝදරවරුනි....
ලංකාවේ පැවැති ආණ්ඩු වගේ හැම එකටම ණයට ගන්න පුරුද්ද තියාගන්න එපා. අපේ රට අතීතයේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වාට ණයට අරගෙන කාලා බීලා කොටසක් යටි මඩි ගහගෙන මුතු ඇටය බලු බෙට්ටක් තරමටවත් නොවටිනා තත්වයට පත්වුණා. ඒකට ප්‍රධාන හේතුවක් වුනේ රටේ වත්කම් වර්ධනය නොකර නිගන්ඨනාථ පුත්තගේ දහම අනුව කටයුතු කිරීම තමයි. එහෙම නම් නිගන්ඨනාථ පුත්තගේ දහම ඇදහීම අතහැර බුදුහාමුදුරුවෝ දේශනා කළ ආකාරයට ආර්ථිකය හසුරුවා ගන්න උත්සාහ කරන්න වරදින්නේ නැහැ...