(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල රුපියල් 100 කින් අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 40 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 18 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (2) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා සඳහන් කළේය.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3690 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1482 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 694 ක් දක්වා අඩු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.