
(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි.
ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරන බව එම සමාගම කියයි.
ඔක්ටේන් 100 පෙට්‍රල් නවීණ වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු බවත් මෙම ඉන්ධනය භාවිතා කිරීමෙන් සුමට ධාවනයක්, වැඩි කිලෝමීටර සංඛ්‍යාවක් සහ ඉහළ එන්ජින් ධාරිතාවක් ලබාගත හැකි බවත් එල්.අයි.ඕ.සී. සඳහන් කරයි.
COMMENTS
ඔක්ටේන් අංකය වැඩි ඉන්ධන වාහන වලට හොඳයි තමා . 350 දීල 92ත් ගහගන්න බැරි එකේ 790 දෙන්න .... අහෝ සිරි ලංකාව !
පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට හොඳයි. මොකද එයාලට රට වෙනුවෙන් කරන්න වැඩ ගොඩක් තියන නිසා වේගෙන් යන්න ඕනනේ. ඔන්න අද ඉඳන් ජනතා බදු මුදලින් ඔක්ටේන් 100 පෙට්‍රල්
ජනතා මුදලින් නඩත්තුවෙන වාහන වලට මේවම ගහයි...