
(ප්‍රදීප් කුමාර)
ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 04ක් සමගින් ඉන්දියානු ධිවරයින් 25 දෙනකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කරයි.
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් යොදවා නාවික හමුදාව අද (01)දා අලුයම් කාලයේදී මෙම මෙහෙයුම සිදු කොට තිබේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රා හතර (04) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිපස් දෙනා (25) කන්කසන්තුරය වරාය වෙත රැගෙන එමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd