
(ගයාන් සූරියආරච්චි)
අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලීසිය පවසයි.
මරදන්කේනි තාලයඩි ප්‍රදේශයේදී ඉකුත් 20 දින නිවසක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහු බරපතල තුවාල ලබා තිබුණු බව පොලිසිය කියයි.
පසුව මරදන්කේනි පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව එම පුද්ගලයා ගිනි තබා ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ.මෙසේ මියගොස් තිබුණේ අවුරුදු 43ක මරදන් කේනි ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකාරි අවුරුදු 47ක තාලඩිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මරදන් කේනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd