
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇත.
වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුවය.
ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළේය.
මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපය ගැන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පසුගිය පෙබරවාරි මස 9 වැනිදා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නිලධාරීන් නීතියට වැඩකරන්න ඕන නමුත් ඒ ගමන් කිසිදු දේශපාලන පක්ෂයක ගැත්තෙක්ද නොවිය යුතුයි . කට තිබුණු පලියට වගකීමෙන් තොරව කියවන්න ගියාම මේවගේ ඇනගන්න වෙනවා . දැන් ඉතින් කල්දේරම් බත් කන්න සුදානම් උනොත් හොඳයි. බලාගෙන ඉන්න දැන් අර කඩේ ගිය පක්ෂ ඒවි ඔයාව බේරගන්න .
කාලකන්නි හොර ඇමතියොන්ට වංචා කරන්න හොඳයි. ඒවා පෙන්නන නිලධාරින් වැරදියි.. අන්ච්චන් මෙහෙම් කාලකන්නි රටක්..හිටපල්ලා තව පෝය 3 යි..
ඇත්තටම දේශපාලුවො රජයේ නිළධාරින් සම්බන්ධයෙන් ඇති ආයතන සංග්‍රහයේ නීති නොදන්නා නිසා නිළධාරි උපරිමයෙන් වැරදි කරනවා ආයතන සංග්‍රහයේ ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන් පැවතිය යුතු කොන්දේසි එහි දැක්වෙනවා රජයේ විධායක නිළධාරි කෙනෙක් කරලා තියෙන්නෙ බරපතළ වරදක් වෙනවා මේ කාන්තාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි ගැනත් වරින්වර නිකුත්කළ චක්‍රලේඛ ගැනත් විධිමත් පුහුණුවක් දීමට නොපමාව කටයුතු කිරීම සුදුසුයී ඒ සමගම පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලුවන්ට හා රජයේ සියලු මාණ්ඩලික නිළධාරින්ට විධිමත් පුහුණුවක් දීම අත්‍යාවශ්‍යම බව මෙයින් පේනවා
හොඳ වැඩක් කටමැත දොඩවනවාට හොඳ පාඩම් බොරු කියන කට්ටියට විරෝධව නඩු දාන්න බැරිද?
තව පෝය තුනයි මහත්තයෝ
අපහාසයෙන් නැතුව වර්ණනා කරන්න පුලුවන් විදියේ ක්‍රියා කලාපයක් තියන මන්ත්‍රීවරු කී දෙනෙක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා බැලුවද? මට පේන්නේ කලාතුරකින් හමුවන කොන්ද පන ඇති රාජ්‍ය නිළධාරිනියක්
ඒ කියන්නෙ මන්ත්‍රීලගේ දූෂණ වංචා ගැන කථා කිරීම තහනම්?
මුංගෙ වරප්‍රසාද. තමන්ගේ වැඩේ කර ගන්න බැරි වුණාම නිලධාරීන්ට නඩු.
ඔබ වැරදිකරුවන්ට එරෙහිව ඔබේ හඬ නඟන විට ඔවුන් ඔබව ඇතුළට දමනු ඇත. නමුත් ඔබ ඔවුන් වෙනුවෙන් කතා කරන විට ඔබට තවත් වරප්‍රසාද ලැබෙනු ඇත
හෙණම ගහන්න කියමු. රාජ්‍ය සම්පත් මංකොල්ල කාල ඒක හෙළිකලාම ඒකට නඩු. බයවෙන්න එපා මුන්ට වැඩිකල් රඟන්න වෙන්නේ නැහැ.
ඇමැතියාට ඒගැන රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කරන්න තිබුණා රජයේ නිළධාරින්ට විනය බලධාරි වෙන්නේ රාජ්‍ය සේවා කොමිසම වගේම ඇමැති මණ්ඩලය කියලා තමයි අහල තියෙන්නෙ
රටකට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ.
ඉදිරියේ දී පත්කර ගන්නා ජනතාවාදී පාලනයක් යටතේ වරප්‍රසාද කමිටුව අහෝසිකල යුතුයි .මුන් පත්කරන්නේ ජනතාවගේ ඡන්දයෙන්.මුන් විවේචනය කරන්න පුරවැසියාට අයිතිය තිබිය යුතුයි.ඔක්කොම ජඩවැඩ කරල වරප්‍රසාද කමිටුව අස්සේ හැංගෙනවා.