
(විමුක්ති එස් රුද්‍රිගු)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට බලවත් ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ඔහු සමඟ හමුවීම් පිළිබඳ මතකයන් අගය කරන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ ගෞරවයෙන් යුත් ජිවිතයක් ලබාදීම සඳහා නිරන්තරයෙන් කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේය. ආර්.සම්බන්දන් මහතාගේ අභාවය, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින ඔහුගේ මිතුරන්ට මෙන්ම අනුගාමිකයන්ට තදින් දැනෙනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මෙතුමාට අවලාද නැගුවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන ඒ කීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනීසිටිය. එතුමට නිවන් සුව ලැබේවා!