(නිමල කොඩිතුවක්කු)

නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී අද (1) සිදු කෙරිනි.

පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් දිවයින පුරා රජයේ රෝහල් 68 ක වර්ෂයක පුහුණුව සදහා අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත  ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රධානය කෙරෙණි.

වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියට ලක් කෙරෙන අතර, අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව එම නිලධාරින්ට පවතී.

මේ වනවිට වෛද්‍යවරු 30,000 කට අධික පමාණයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි.