දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. 29 January 2024
ලබන වසරේ සිට දේපලවලටත් බද්දක් නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 29 January 2024
පාසල් පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි පාසල් දරුවන්ට රජය ප්රදානය කළ පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නි නිලධාරියෙක් පැවසීය. 29 January 2024
රාජ්‍ය අංශයේ විධායක නිලධාරීහු ලෙඩ වෙති රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත සිටීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා ඇති වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 29 January 2024
ශිල්ප සභාවේ තඹ කිලෝ 2000ක් අතුරුදන් ජාතික ශිල්ප සභාව විවිධ නිර්මාණ සඳහා මිලදී ගෙන තිබූ තඹ කිලෝ 6820ක තොගයෙන් කිලෝ 2086 ක් අතුරුදන්ව ඇතැයි විමර්ශන වාර්තා අනුව නිරීක්ෂණය වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 29 January 2024
රාජකාරියේ සිටියදී සහකාර ශාලාධිපති වරෙන්තුවකට අත්අඩංගුවට මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සහකාර ශාලාධිපතිවරයෙකු ලෙස රාජකාරී කටයුතු කල ගුරුවරයකු, මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව, විවෘත වරෙන්තු ලබා සිටියදී, අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 29 January 2024
වල්ඌරු මස් සමඟ අවන්හල් හිමිකරු මාට්ටු පුත්තලම සේතපොල ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන්හලක අධි ශීතකරණයක් තුළ සගවා තිබු වල් ඌරු මස් කිලෝ 20 ක ප්‍රමාණයක් සමග එම ස්ථානයෙ හිමිකරු අඩංගුවට ගැනිමට සමත්ව තිබේ. 29 January 2024
සරසවි ඇදුරෝ 514ක් කෝටි 132ක් පොලු තියලා අධ්‍යන කටයුතු සඳහා විදේශගත වූ විශ්ව විද්‍යාල විසි එකක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 514 දෙනකු බැඳුම්කර කඩකර රජයට රුපියල් කෝටි 132කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 January 2024
මුහුදට මීටර් 200ට වඩා උස තැන් 4500ක් සංවර්ධනයට සංවර්ධනය ගමට ගෙනයාමේ අරමුණින් රජය අරඹන ලද “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරැඹූ බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 January 2024
කෙහෙළියගේ කැබිනට් ගොනුවල බාල බෙහෙත් ගනුදෙනු නෑ ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. 29 January 2024
තේ පෝර අඩුවට දෙන ගිවිසුමට අත්සන් කරයි තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද අත්සන් තැබිණි. 29 January 2024
හැටේ කතට අතවර කළැයි රියදුරෙක් අත්අඩංගුවට හුදකලාව කල්ගත කළ හැට හැවිරිදි එක් දරු මවකට හදි කළ බව කියන හැටපස් හැවිරිදි රියදුරකු ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 29 January 2024
සෙබළාගේ සිරුර කඳවුරේ පොකුණක හොරණ දොඹඩොඩ යුදහමුදා කදවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් අද උදෑසන හමුවී ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි 29 January 2024
ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහයෙක් හමුවෙලා ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්රහලොවක් සොයාගෙන ඇත. 29 January 2024
ප්‍රංශ ජනපති චීනයේ ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනවර දින සැමරුම් උළෙලට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, චීන සංචාරයක් ආරම්භ කළේය. 29 January 2024
ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක් ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 ක් යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 29 January 2024
රාජ්‍ය ඇමැතිවරයෙක් දිවුරුම් දෙයි වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 29 January 2024
නාන්න ගිහින් මුහුදේ අතුරුදන්වෙයි මුලතිව් මාතලන් මුහුදු සීමාවේ දිය නාමින් සිටි පිරිසකගෙන් තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි. 29 January 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 29 January 2024
සරසවි සිසුවියකට නවකවදය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට සරසවි සිසුවියකට නවක වදය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සබඳතම විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි. 29 January 2024
සවස් කාලයේ පළාත් කිහිපයකට විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 January 2024
මාවනැල්ලේ කුඩා කඩ 30ක් ගින්නට බිලි මාවනැල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරියට කුඩා කඩ 30ක් පමණ ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 29 January 2024
තිබ්බේ ඌරාට වැදුනෙ පියාට කෑගල්ල දැඩිගම ජයලත් කන්දේ දඩයමේ ගිය පිය පුතු දෙපළක් අතරින් දඩයමක් දුටු පුතා එල්ල කළ වෙඩි පහරකින් පියාට වැදී 47 හැවිරිදි පියා මියගොස් අතැයි පොලිසිය කියයි. 29 January 2024
කතරගම අනතුරකින් අයෙක් මරුට පහක් රෝහලට කතරගම සෙල්ල කතරගම මාර්ගයේ පස්සරයාය හංදිය ප්‍රදේශයේදී අද 28 රාත්‍රී වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියක ගස් දෙකක හා බූම් ටක් රථයක ගැටී සිදුවූ අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව කතරගම පොලිසිය පවසයි. 28 January 2024
දරු මුණුපුරු 180ක ආදරය ලැබූ වීර මාතාව දිවියට සමු දෙයි අපේ රටේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මවට පිරිනමන වීර මාතා සම්මානය වසර කීපයක් හිමිකරගත් බදුල්ල අන්දෙනිය මාවතක ඊයේ මෙලොවින් සමුගත්තාය. 28 January 2024
උමාඔයෙන් තවත් එළිය උමාඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60 ක් ජාතික පද්ධතියට එකතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 28 January 2024
ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. 28 January 2024
අයි.එම්.එෆ් දෙවන වාරිකයට කැපකිරීම් 110ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගමන ආරම්භ කර ඇත්තේ කැපවීම් 110 සමඟ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. 28 January 2024
ක්‍රිකට් තහනම ඉවතට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම වාහාම ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව තහනම ඉවත් කළ බව නිල වශයෙන් ඉදිරියේදී නිවේදනය කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 28 January 2024
සනත් නිශාන්ත සැමට සමු දෙයි ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද 28 ආරච්චිකට්ටුව රාජකදලුව ශුද්ධවු පවුලේ දේවස්ථාන සුසාන භූමියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද සවස සිදු කෙරිණි. 28 January 2024
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026