යුක්තිය තවත් 803 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 28 January 2024
චීන ගෙවල් වැඩ මාර්තුවේ අරඹයි අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 January 2024
‘‘යුක්තිය‘‘ නොවුනා නම් මෙරට චිකාගෝවක් ’’යුක්තිය ’’මෙහෙයුම ආරම්භ නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අද ගම්පහ , නයිවලදී පැවසීය. 28 January 2024
උණ්ඩ 61ක් සමග අයෙක් මාට්ටු විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියකට භාවිතා කරනු ලබන පතුරම් 61 ක් බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි පුද්ගලයකු පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 28 January 2024
දක්ෂිණ අධිවේගයේ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 118 ගොඩගම අන්තර් හුවමාරුව සහ සහ කොක්මාදුව අන්තර් හුවමාරුව අතර ලොරියක් පෙරළීම හේතුවෙන් වාහන ගමනා ගමනය අවහිර වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 27 January 2024
නිවසේ කොල්ලයෙන් මිත්තනියගේ ඝාතනයත් එළියට බෙලිඅත්ත නිහිළුවේ නිවෙස සිදු වූ කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුට ගෙන ප්‍රශ්න කිරිමේදී තම ආච්චි අම්මා ඝාතනය කර ඇගේ රන් මාලය කොල්ල කෑම සඳහ සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව බෙලිඅත්ත පොලිසිය කියයි. 27 January 2024
ධීවරය යාත්‍රාවක් මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට දික්ඕවිට ධීවර වරායෙන් රැකියාව සඳහා පසුගිය 12 වැනිදා පිටත්වූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව අරාබි මුහුදේ රැකියාවේ නිරත වෙමින් සිටියදී අද (27) දහවල් කාලයේදී කිසියම් ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේය. 27 January 2024
ලංකාවේ මාර්ගගත සුරක්ෂනයට විදේශ මැදිහත් වීම් අනවශ්‍යයි පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත කෙටුම්පත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණක් බවත් එයට විදේශයන්හි මැදිහත් වීම අනවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (27) ප්‍රකාශ කළේය. 27 January 2024
තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් ’’සක්විත්තෙක්’’අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි. 27 January 2024
ඇණවුම කළ කෑම ගන්න වසර 43ක් ඔබ ආහාරයට ගැනීමට කැමතිම කෑමක් ඇණවුම් කර කෙතරම් කාලයක් බලා සිටීමට ඔබට හැකියාව ඇත්ද? ඔබ ඇණවුම් කළ ආහාර අයිතමය ලැබෙන තෙක් වසර 43 ක් බලා සිටිය හැකිද? පිළිතුර නැත යන්නයි. විනාඩි 30 හේ සීමාව පසුවත්ම කාගේත් සිත නොසන්සුන් වීම සාමාන්‍ය කරුණකි. 27 January 2024
සල්ලි නෑ..පර්මිට් නෑ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 27 January 2024
ජල මණ්ඩලයේ කැබ් රථ තිහක් පැත්තකට දාලා කොළඹ අප ජලය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වූ ආයෝජන වැඩසටහන යටතේ රුපියල් කෝටි විසිතුනක වියදමින් මිලදී ගත් ජල ටැංකි සඳහා සුදුසු වේදිකා සහිත කැබ් රථ තිහ ඉකුත් 2022 වර්ෂය වනවිටත් අපේක්ෂිත කාර්ය සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 27 January 2024
චමින්දට මාදිවෙලින් යන්න කියයි මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසයෙන් ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ බදුලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට දැනුම්දී ඇත. 27 January 2024
ප්‍රතිසංස්කරණ ගැන මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක් ලංකාවේ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන්ට දැනුම් දී තිබේ. 27 January 2024
බදු පොලු කාරයන් සිටිද්දී වැටි ගැසීම අසාධාරණයි රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ එක්දහස් දෙසීයකට අධික පිරිසකගෙන් බදු එකතු නොකර මෙරට සෑම පුද්ගලයෙක්ගෙන්ම රුපියල් 30,000 බැගින් වැට් බදු අය කිරීම අසාධාරණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 27 January 2024
උතුරු, උතුරු මැදට පොඩි වැස්සක් උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 January 2024
බිරිය මැරූ සැමියා පෝරකයට දෙදරු මවක වූ තම බිරිදට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට දමා භූමි තෙල් වත්කොට සිරුරට ගිනි තබා දැම්මේ යැයි කියන විත්තිකාර සැමිා එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කල උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා ඔහුට මරණීය දන්ඩනය නියම කළේය. 27 January 2024
ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක් ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. 27 January 2024
කැනඩා සිහිනයක් පෙන්නා කෝටි හයක් ගරලා හොද වැටුපක් ලබා ගත හැකි කැනඩාවේ රැකියා ලබා දෙන පවසා නොයෙක් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 14 දෙනකු රවටා රුපියල් කෝටි 06 ක ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක වත්තල සුපිරි නිවෙසකදී සැකපිට අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි. 26 January 2024
දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 26 January 2024
අධිවේගී මඟේ අනතුරින් මියගියි කොස්තාපල් සැරයන් නිලයට උසස් කරයි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී ඊයේ (25) සිදුවූ මාරක අනතුරින් මියගිය ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය 26 January 2024
චමරිගේ වටිනාකම ඉන්දියාවට දැනෙයි ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ප්රබලතම ක්‍රීඩිකාවක් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියට (2024) කැඳවා තිබේ. 26 January 2024
උමා ඔයෙන් මෙගාවොට් 120ක විදුලියක් උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. 26 January 2024
මෛත්‍රී - චන්ද්‍රිකා සුසංයෝගයෙන් අලුත් සංධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 26 January 2024
කැකිරාවේ දුම්රිය හරස් මාර්ගයක් දින දෙකක් වසයි කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් සඳහා ලබන පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 26 January 2024
අභයාරාමයට උදව් කළේ රනිල් විතරයි සම්බද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පැවැසූහ. 26 January 2024
නයිට්රජන් වායුවෙන් මරණ දඬුවම දෙයි ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති එම සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙනි. 26 January 2024
රාජ්‍ය අමාත්‍ය සනත්ගේ සිරුර උපන් ගමට හදිසි අනතුරකින් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ දේහය කොළඹ පුද්ගලික මල් ශාලවක සිට ආරච්චිකට්ටුව නිවස පිහිටි ස්ථානයට අද සවස රැගෙන ආහ. 26 January 2024
පාර්ලිමේන්තුව වාර අවසාන කරයි පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ( 26) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරේ. 26 January 2024
සනත් නිශාන්තගේ රියැදුරා රිමාන්ඩ්:කන්ටේනර් රියැදුරා මුදා හරියි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට අද (26) නියම කළේය. 26 January 2024
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026