IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 4 ක් මරුට

ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වූහ. තවත් 9 දෙනකු වෙඩි වැදී තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කෙරුණි.

වෙඩි තැබීම සිදු කළේ පාසලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවකු යැයි ප්‍රාන්ත පොලිසිය පවසයි. වෙඩි තැබීම සිදුවූයේ ‘ඇපලාචී’ නමැති ද්විතීක පාසලේය. මියගිය සිවු දෙනාගෙන් දෙදෙනකු ගුරුවරුන් බවත් ඉතිරි දෙදෙනා සිසුන් බවත් පැවැසෙයි. 
වෙඩි තැබීම සිදුවූයේ පාසල් වේලාවේදීය. එම අවස්ථාවේ සිසුහු 1,900 ක් පාසලේ ඉගෙනුම ලබමින් සිටියහ.

වෙඩි තැබීම කළේ කෝල්ට් ග්‍රේ නමැති සිසුවා යැයි පොලිසිය මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ. වෙඩි තැබීම කළ සැණින්, පොලිසියට යටත් වන බව කෝල්ට් ග්‍රේ පවසා ඇත. ඒ අනුව, පාසලේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන්, පාසල් පරිශ්‍රයේදීම කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.

කෝල්ට් ග්‍රේ, වැඩිහිටියකු සේ සලකා, ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසා ඇත. ප්‍රාන්ත පොලිස්පති ජූඩ් ස්මිත්, සිද්ධිය ගැන කම්පා වෙමින් පවසා ඇත්තේ වෙඩි තැබීමට හේතුව තවමත් හරිහැටි පැහැදිලි නොවුණත්, එය නපුරේ උච්ඡතම අවස්ථාවක් යැයි තමන්ට අර්ථ නිරූපණය කළ හැකි බවය. 

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම, හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනපතිධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය වසරේ, එනම් 2023 දී, ඇමෙරිකන් එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ පරීක්ෂකයන්, කෝල්ට් ග්‍රේ හමු වී ඔහුගෙන් ප්‍රශ්න කර ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය අනාවරණය කර ඇත. ඒ, කෝල්ට් ග්‍රේ, පාසලේ වෙඩි තැබීමක් සිදු කිරීමට සූදානම් වෙනවා යැයි ලැබුණු තොරතුරුවලට අනුවය. කෙසේ නමුත් එම අවස්ථාවේදී එෆ්.බී.අයි. පරීක්ෂකයන් කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත්තේ නැතැයි ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 4 ක් මරුට

පිටිගල මිලානෝ Thursday, 05 September 2024 01:24 PM

ලෝකයේ සමූල ඝාතන වැඩිම රට ඇමරිකාවයි. පාසල්වල සහ විශ්ව විද්‍යාල වල අවුරුදු පතා මෙම සමූළ ඝාතන සිදුවේ. මිනිසුන් බහුල ලෙස ගැවසෙන වෙළද සංකීර්න තුලද සමූළ ඝාතන සිදුවේ. ජීවත්වීමට භයානක රටකි.

:       0       21

NASAR Thursday, 05 September 2024 05:20 PM

මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site