ගාසාවෙන් මෙරටට කුඩු පැන්නූ ධීවරයින් 12ක් රිමානඩ් ගසා දූපත් ආසන්නයේ සිට හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 75කට අධික ප්‍රමාණයක් මෙරටට ප්‍රවාහනය කළේ යැයි අත්අඩංගුවට ගත් ධීවරයාත්‍රා දෙකක ධීවරින් දොළොස් දෙනෙකු පෙබරවාරි 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26)නියෝග කළේය. 26 January 2024
බෞද්ධාගමට නිගා කළ තව අයෙක් රිමාන්ඩ් මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධර්මරතන හිමියන්ට,ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට හා බෞද්ධාගමට අපහාසයක් වන පරිදි මුහුණු පොත ඔස්සේ හා youtube ඔස්සේ අන්තර්ජාලයට ප්‍රකාශ නිකුත් කළ අජිත් එදිරිසිංහ සැකකරු ලබන තිස් එක දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 26 January 2024
හෝටලයක් හදලා කෝටි දාහතරක් වතුරේ යවලා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හදාරන සිසුන්ගේ වැඩිදුර පුහුණු කටයුතු සඳහා අහංගම හෝටල් පාසල රුපියල් කෝටි දාහතරකට වැඩි මුදලක් වැය කර සංවර්ධනය කර තිබුණද පසුගිය වසරේ ජුනි මස 30 වැනිදා දක්වා එම හෝටලයෙන් කිසිදු ආධුනිකයකුට ප්‍රායෝගික පුහුණුව ලබාදී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 January 2024
ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න එපා ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය. 26 January 2024
අල් කයිඩා සංවිධානයට අනුබල දුන් හතරක් අල්ලන්න රතු වරෙන්තුවක් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළේය. 26 January 2024
ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි 3 අත්සන් කරයි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන වැඩි කර විදේශ විනිමය ඉහල නංවා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය. 26 January 2024
අල් කයිඩා ත්රස්තයන්ට උදවු දුන් 4කට රතු වරෙන්තු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළේය. 26 January 2024
නාන්න ගිය තරුණයා වංගෙඩිවලේ සැඟවෙයි බණ්ඩාරවෙල ලියන්ගහවල ප්‍රදේශයේ වංගෙඩි වලේ දිය නෑමට ගිය විසි දෙක හැවිරිදි තරුණයෙකු දිය වලට ඇද වැටී අද (26) අතුරුදහන් වී ඇති බව ලියන්ගහවෙල පොලිසිය පැවසීය. 26 January 2024
බෞද්ධාගමට නිගා කළ තව අයෙක් මාට්ටු මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධර්මරතන හිමියන්ට,ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට හා බෞද්ධාගමට අපහාසයක් වන පරිදි මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට ප්‍රකාශ නිකුත් කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 26 January 2024
ලාභ ලබන ලිට්රෝ විකුණන්න යයි ලිට්රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 January 2024
බම්බලපිටිය දුම්රිය ස්ථානයට විදුලිය දෙයි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විසන්ධි කර තිබූ විදුලි සැපයුම නැවත අද (26) පස්වරු 12.30 ට පමණ සක්‍රීය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 January 2024
පුටුවක් හිස් බව මැකෝට දන්වයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් ඊයේ (25) සිට පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද දැනුම් දුන්නේය. 26 January 2024
ජාතික ආර්ථිකය කැඩුවේ පොරොන්දු දේශපාලනය පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 January 2024
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළාට තුනක් රිමාන්ඩ් මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය ලබන 2 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය. 26 January 2024
ලිට්රෝ ගෑස් තවත් කෝටි 150ක් භාණ්ඩාගාරයට යවයි ලිට්රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බවත් ලිට්රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 January 2024
‘මීනගයා’ අපනශාලාව ඉවත් කරයි කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දූම්රියේ ආපනශාලාව ද ඉවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 26 January 2024
සෙල්ෆියක් ගන්න ගිය විදෙස් කත දුම්රියෙන් වැටෙයි දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් අද (26) ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි. 26 January 2024
ඉන්දියාව ජනරජ දිනය සමරයි ජනරජ දින ප්‍රධාන සැමරුම් උත්සවය සුපුරුදු පරිදි, නවදිල්ලි අගනුවර ආරම්භ වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු සහ මෙවර ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැකරොන්ගේ ප්‍රධානත්වයෙනි. 26 January 2024
වසර 70 කට පසු සෞදියේ මත්පැන් සැලක් වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි. 26 January 2024
පිළිස්සෙමින් තිබූ දේහය වැඩිදුර පරීක්ෂණයට ගෙන යයි මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් සැක පහළ කිරීමේ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගිය බව මීරිගම පොලිසිය කියයි . 26 January 2024
හැටන් වතු යායක ගින්නකින් අක්කර 10 ක් විනාශයි හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතු යායට අයත් සිත්තර වත්ත කොටසේ හටගත් ගිනන්කින් අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත. 26 January 2024
අධිවේගයේ අනතුරින් විදේශිකයා මරුට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවර පිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි. 26 January 2024
මල්ශාලා සේවකයාට තියුණු ආයුධ ප්‍රහාරයක් කහතුඩුව දියගම සමූපාකාර මල්ශාලාවට කඩා වැදුණු පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි සේවකයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි 26 January 2024
එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 January 2024
නාවික සෙබළා නැන්දම්මා මරා දමලා කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව කුඩා ගල්ලිදවැව ප්‍රදේශයේ නිවසක් තුළ උදැල්ලකින් පහරදී නාවික හමුදා බෑන නැන්දම්මාව ඝාතනය කර ඇතැයි වාහල්කඩ පොලිසිය පවසයි. 26 January 2024
කාලගුණයේ සුළු වෙනසක් හෙට උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්වයේ වෙනස් වීමකට හෙට දින සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 January 2024
පංච පුද්ගල ඝාතනයට ඔත්තු දුන් දෙකක් මාට්ටු බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාරය බළකායේ මිරිහාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ. 26 January 2024
ත්‍රිරෝදය හෙළට පෙරළී මවක් මරුට: පහක් රෝහලට කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනකු ෙ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි . 26 January 2024
මුහුදේ සැඟවුණු තරුණ ජීවිත දෙක කුඩාවැල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරට හසුව ගසා ගෙන යාමෙන් එක් අකු දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණයකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 25 January 2024
සියනෑ කුමාරී’ පිලී පනී කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ ’සියනෑ කුමාරී’ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතරදී අද (25) රාත්‍රී 8.30 ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 January 2024
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026