
(මනෝප්‍රිය ගුණසේකර)
නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි අද (03) තීන්දු කළේය.
රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට පෙනී සිටීමට අයදුම් කළ අයදුම්කරුවන් 132 දෙදෙනාට එක් අයදුම්කරුවකුට රුපියල් 25,000/- බැගින් රුපියල් ලක්ෂ 33 ක වන්දි ගෙවීමට රජයට නියම කළේය.
අමාත්‍ය මණ්ඩලයට එවා තිබූ නිර්නාමික ලිපියකට අනුව මෙම විභාගය නොපැවැත්වීමට තීරණය කළ ඉදිරිපත් වූ කරුණු අනුව දැනගන්නට ලැබුණු බව රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට පෙනී සිටීමට අයදුම් කළ අයදුම්කරුවන් 132 දෙදෙනකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න මහත්වරුන් හමුවේ නඩුව විභාග කෙරුණු අතර අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර ඩී.එම්.එස්. දිසානායක මහතා ඇතුළු ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට පෙනී සිටීමට අයදුම් කළ අයදුම්කරුවන් 132 ගොනුකොට තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රෙජිස්ටර් ජනරාල්වරයා, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීම සඳහා 2013 පෙබරවාරි 02 වැනිදා විභාගයක් පැවැත්වෙන බව නිවේදනය කර තිබු බවත් තමන් එම විභාගයට පෙනී සිටීමට අයදුම් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ නොවැළැක්විය හේතූන් නිසා විභාගය කල් දමන බව රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලය පසුව පෙත්සම්කරුවන්ට දැනුම් දුන් බවද සඳහන් කෙරිණී.
නියම කළ පරිදි අදාළ විභාගය පැවැත්වීමට කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මහත් කලකිරීමට පත් පෙත්සම්කරුවෝ සිද්ධිය පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇති අතර පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ වසර 10 සේවා කාලය සම්පූර්ණ කළ ලේඛන සහකාරවරුන්ට දෙවැනි ශ්‍රේණියට උසස් කරන බව යැයි තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීන්දුවක් .මේ විදියට නිලධාරී බලය අත්තනෝමතිකව උපයෝගී කරගෙන සියලු නිර්නායකයන් සපුරා තිබියදීත් ඒ බලපත්‍ර හෝ සේවාවන් පසු කරන හෝ ප්‍රතික්ෂේප කරන ලොකු කුඩා සියලු නිලධාරීන්ට මේ තීන්දුව පාඩමක් වේවා
ඔය දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු කරන්නෙ යල් පැනගිය ක්‍රමයන්ට අනුව තමයි .පත්කිරීම මාරුකිරීම උසස්වීම් ගැන කිසිම හැගීමක් ඔවුන්ට නැහැ .සාමාන්‍යයෙන් කාර්‍යාලයක කෙනෙකුට දුරකථන ඇමතුමක් පිටතින් ලැබුනත් නොදෙන තත්වයක් එහි තියෙනවා. උදාහරණයක් හැටියට ලංකාවෙ පවත්වාගෙන යන මරණ සහතික දෙවැනි පිටපත් තියෙන කාර්‍යාලය පෙන්වා දෙන්න පුළුවන් .එහි තියෙන තවත් එකක් තමයි හිතවතුන්ට ප්‍රමුඛතාව ලබාදීම කියලා කියන්න පුළුවන්. ඉහළම උද්ධඡ්ච කමින් තමයි ඒවායේ සියලුම දෙනා කටයුතු කරන්නෙ .තවත් එකක් තමයි උප්පැන්න සහතිකයේ ඉංග්‍රීසි පිටපත් ගැනීමෙදී දිවුරුම් දුන් භාෂා පරිවර්තකලා රටේ නැත්නම් සේවාලාභීන්ට දෙයියන්ගේම පිහිටයි කියන්න පුළුවන්
ගරු අධිකරණයේ පිහිට තමා අද ජනතාවට ඉතුරුවෙලා ඉන්නේ . මහජන චන්දෙන් පත්කරගන්න උන්දලත් මූලික අයිතිවාසිකම් ගණන් ගන්නේ නැහැ .එයාලාගේ බලය ගැන හිතනවා පමණයි
මේ වන්දි මුදල් ඇයි රජයෙන් ගෙවන්නේ .රජය කියන්නේ ආයෙත් අපේ සල්ලි නේ . වැරදි කරපු අයට ගෙවන්න කියන්න
ඕවා දියුණු රටවල් වල කරන්නේ තාවකාලික සේවකයින් බඳවාගෙන ව්‍යාපෘතියක් වගේ... ඔහොම පාර්ලිමේන්තු සේවකයන් අරගෙන තමයි රට විනාශ වෙලා තියෙන්නේ...
රටේ පළමු පුරවැසියත් එහෙම නම්, අනික් අය ගැන මොන කතාද?