
(ඩී.ජී.සුගතපාල සහ ගයාන් සූරියආරච්චි)
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපි පෙරලි අද (03) අලුයම අනතුරට ලක්ව ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.
"නිහතමානි 01" නමැති මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25වනදින ධිවරයින් හත් දෙනෙකු සමග ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර දකුණු මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරදි නැවක හැපිමෙන් අනතුරට ලක්ව ඇත.
යාත්‍රාව පෙරලි ධිවරයින් සියලු දෙනා මුහුදට වැටි ඇති අතර වෙනත් යාත්‍රාවක් මගින් හතර දෙදෙනකු බේරාගෙන ඇති බවත් තිදෙදෙනකු අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසයි.
මේවන විට නාවික හමුදාවේ නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටින බව නාවික හමුදාව කියයි.
අතුරු දහන්වු ධිවරයින් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර ඇති අතර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මෙශාන් ද සිල්වා මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධිවර යාත්‍රාව නැවක හැපි 3ක් අතුරුදහන්: 4ක් බේරා ගැනෙයි