IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කළුතරට ගංවතුර අනතුරු ඇගවීම්

(ලක්මි කුඩලිගම)

පවතින වැසි සහිත  කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර අවදානමක් මතු විය හැකි බව ආපද කළමනාකරණ  ඒකකය සහ ප්‍රාදේශීය  ලේකම්වරුන් ජනතාවට  අනතුරු  අගවති.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් සහ අතුරු මාර්ග කීපයක්  ජලයෙන් යටව තිබෙන බව කළුතර  දිස්ත්‍රික්  ආපදා  කළමනාකරණ  ඒකකය අද (03) සවස කීවේය.

කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු  දෙකක් විවෘත කර විදුලි උත්පාදනයේ දී පිට කරන ජල ධාරිතාවක් සමග තත්පරයට ඝන මීටර් 140ක  පමණ ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හරින බවත් ඒ අනුව  බුලත්සිංහල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹල සහ නාලියක්ද ප්‍රදේශවල මාර්ග අඩි දෙකක්  පමණ ජලයෙන් යට වී තිබිණි.

මගුරු ගග පිටාර ගැලීමෙන් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් රැසක් ද වළල්ලාවිට  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාසයේ  යගිරල  ඉහළ කන්ද ප්‍රදේශයේ  මාර්ගය  අඩි දෙකක් පමණ ජලයෙන් යටව තිබිණි.

බුලත්සිංහල පරගොඩ කළුවල වෙල, නරවැල්ල මාර්ගය සහ දෙහිපිටිය දිගනගොඩ මාර්ගය ජලයෙන් යටවීම නිසා ප්‍රදේශවාසීන්ට  ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

කළුතර දිස්ත්‍රිකය ගංගා රැසක ජල මට්ටම් ඉහළ යමින් තිබෙන අතර ඉදිරි පැය කීපයේ ද වර්ෂාව පැවතියහොත් ප්‍රදේශ කිහිපයක හදිසි ගංවතුර අවදානමක් ඇතිවිය හැකි නිසා  පහත් බිම් හා ගංගා ආශ්‍රිත පදිංචි  ජනතාව  අවධානයෙන් පසුවන්නැයි කළුතර ආපදා කළමනාකාර ඒකකය දැනුම් දෙයි.

 



අදහස් (1)

කළුතරට ගංවතුර අනතුරු ඇගවීම්

sam Wednesday, 04 September 2024 05:27 AM

මේවට එකම විසඳුම තමයි වැව් ,ඇලවල් සුද්ද කිරීම සහ අලුතෙන් ඇති කිරීම .කොහෙද මේ ඉන්න පාලකයෝ අවුරුදු 76 ක්ම උන් හම්බ කරගත්තා නිසා මිසක් රට දියුණු කරේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site