
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද සවස පැවැත්විණි.
එහිදී හොඳම නවකතාව ලෙස එරික් ඉලයප්පාරච්ච් රචනා කළ තිවංක කතාව සම්මාන ලැබීය.
එහිදී පිරිනැමුණු අනිකුත් සම්මාන මෙසේය
වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ධර්මරත්න හේරත්ගේ මුනි දළදා, වසරේ විශිෂ්ටතම ගීත සංග්‍රහය කුලරත්න ආරියවංශ රචනා කළ සීතල දිය දෝතක්, වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය මව්බිම පුවත්පතේ අරුණ ප්‍රදීප් කුමාර රචනා කළ ෆයිනල් ආන්සවර්, වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රුවන් බන්දුජීව රචනා කළ ධුමලාවන්‍යාගාරය, වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ප්‍රභාත් ජයසිංහ රචනා කළ මඟ ඇරුණු දූපත්
මෙම අවස්ථාවට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න , මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සිරාන්ත හීන්කෙන්ද, ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන ආචාර්ය හංසමාලා රිටි ගහපොළ, මහාචාර්ය චිත්‍රා ජයතිලක, මහාචාර්ය ඉන්දියා මාවැල්ල ,ආචාර්ය සුජීවා සෙබස්තියන් පෙරේරා, ආචාර්ය නිශාන්ත හෙට්ටිආරච්චි සහ සම්පත් පුෂ්ප කුමාර ගැන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
(ඡායාරූප ලහිරු හර්ෂණ)
;
;
;
;
;
;
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ