
(අංජුල මහික වීරරත්න)
ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.
ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්පීපිය ඔන්න දිනන්නත් පෙර ඉල්ලීම් ඉටු කරනවා.තවත් ලැබෙයි.
ඡන්දේ ගන්න ගහන්න පුළුවන් දාන්ගැට දානවා
ඡන්ද ගුන්ඩු මේවා........
මේ කරලා තියෙන්නේ ඡන්ද ගුණ්ඩුවක් ගොවි ජනතාවනී මේවාට අහුවෙන්න එපා..... බැංකු වලින් ඡන්දෙන් පස්සේ ලියුම් එවයි ගෙවන්න කියලා.... රත්තරන් වලටත් කලේ මේකම තමයි..... මෙයාලා කිව්වාට අදාළ ආයතන වලට ගියාම මිනිස්සු ආපහු හරවලා යවනවා අපිට එහෙම ලිඛිතව ආවේ නෑ කියලා..... දැන් මිනිස්සු අන්දන්න බෑ
තවත් සහන ඉදිරියට. රනිල් ඔයා දැන් පරක්කු වැඩියි.
ජනසතු කරයි වගේ
මේ ටිකේ ගන්න පුලුවන් ඔක්කොම අරගෙන, එලවලා දාන්න තමා තියෙන්නෙ ...
සජිත් කිව්වාට පස්සේ තමයි එකත් කරන්නේ...
බොහොම හොඳයි. මාලිමාවට ජයවේවා.
මෙවා නිකම් ඡන්ද ගුන්න්ඩු තව මාසෙකින් බැංකු වලින් ලියුම් එනවා ගොවියන්ට ණය ගෙවන්න්ඩ කියලා
රජය ජන්ද බලාගෙන ණය කපනවා, රාජ්‍ය සේවක පඩි වැඩි කරනවා, මේවට වක්‍රාකාරව මුදල් දෙන්නේ ඉතින් කිසිම සහනයක් නැතුව රට ඉඳන් දුක් විඳින අපි තමයි නැතුව මෙයාල ගෙදරින් ගෙනත් හිඟ පියවන්නේ නැහැ නේ.
රත්තරං ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරලා ඉවරයි.....
සුදු රෙදි බෙදපු අයට වෙච්ච දේ තමා වෙන්නෙ
අපි මාලිමාවට ඒක කිසි වෙනසක් නෑ.. කිසි වැඩපිළිවෙළක් නැති අයට අපි ඡන්දේ දෙන්නේ නෑ. තාමත් හැබැයි බිත්තර ගේන්නේ පිට රටින්... ඡන්දෙන් පස්සේ වැට් එක කීයක් වෙයිද?
අයිඑම්එෆ් එකෙන් මොකද කිව්වේ. බැංකු මුකුත් කිව්වෙ නැද්ද?
තව ටික දවසකින් කියයිද දන්නේ නැ. අපි හොරකන් කරපු සල්ලි දේනම් අපිට ඡන්දෙ දෙන්න කියලා
දැන් නම් වියරු වැටිලා ඉන්නේ..... ඉස්සරහට රටේ හැමදෙනාම ගත්තු ඔක්කොම ණය කපයිද දන්නේ නෑ.... ඕවා කපලා කොහොමද පියවගන්නේ? එකත් කිව්වොත් හොඳයි.....
ඡන්ද ගුන්ඩුවකට වැඩිය දෙයක් මෙතන තියෙනවා, රනිල් හොදටම දන්නවා තමන්ට දිනන්න බැරි බවත්, ඒ නිසා ඊළගට එන ජාතික ජනබල වේගයේ ආණ්ඩූව ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් කරන්න හිතාගෙන තමයි මෙහෙම කරන්නේ.
හප්පා.. . බයත් හිතෙනවා. මේ යන විධියට, හෙට අනිද්දා මේක තුසිත දිව්‍ය ලෝකය වෙයිද දන්නේත් නෑ...!
ගණන් හදලා බලන්න ජේවීපී එක දිනන්නේ නැහැ. බොරු ප්‍රචාරය විතරයි. අනුර ඇතුලු සියලුම පුද්ගලයෝ කිසිම බුද්ධියක් නැතුව ඔහේ දොඩවනවා...!
අනේ රනිල් මහත්තයෝ ඔබතුමා හිතනවා නම් මිනිස්සු ඔය වැනි දේට රැවටෙයි හෝ රවටා ගන්න පුළුවන් කියලා ඔබතුමාගේ වැදගත් චරිතෙට හානියක් බව තේරෙන්නේ නැත්තේ ඇයි? අනෙක මේ මොහොතේ එහෙම කරන එක මොනතරම් හිරිකිතයිද? දැන් මැතිවරණ කොමිසම හරි නම් ඔය තීරණය අත් හිටුවන්න ඕනෑ... නිතර උඩට ඔසවන කළිසම නිකම්ම බිමට ඇදන් වැටෙන්න. කොහොම වුණත් සජිත් මහත්තයා ආවාම ජනතාවට සෙතක් වෙනවා. හැම අතින්ම...
ඕවා ගොවියන්ට සහන දෙන අරමුණ නෙමේ හොරුන්ට මරු පෙනිලා පිස්සුවෙන් දෙන අල්ලස්...!
දැන් බලන්න මේ ඇතිවන හිදැස කොහෙන්ද පුරවන්නේ? කාලකණ්ණි රටේ ඉහළ තනතුරුවලට පත්වුණාම රටම ඉවරයි. මේ අය නම් ඉක්මණටම එළවලා දාන්න ඕනෑ.
ඊළඟට කවුරු බලේට එයිද කියලා කියන්න බෑ. කාව ගැනවත් පැහැදිලි විශ්වාසයක් තියන්න බෑ. මොනවා වුණත් අහිංසක ගොවියන්ගේ ණය කැපුණු එක නම් හොඳයි. හැබැයි ඒක නැවතත් ප්‍රශ්නයක් වෙලා නොඑනවා නම්...
අපි පවුල් පිටින් ගම් පිටින් මේ සරේ මාලිමාවට
චන්දයක් ලඟ තබාගෙන මෙවැනි දේ කිරීම නීති විරෝධීයි නේද? මේවා චන්ද ගුන්ඩු. රැවටෙන්න එපා.
රනිල් මහත්තයෝ ඔයා මොන සහන ජනතාවට දුන්නත් ඒ පින සහ ලකුණු වැටෙන්නේ සජිත් මහත්තයාට... එතුමාට පින් සිදුවෙන්න තමයි මේවා කරන්න සිදුවුනේ. ඔබතුමා මේවා කරන්නේ "වානම් වා පෝනම් පෝ" න්‍යායෙන්...