IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ නීති කැඩුවාට හේතු දක්වන්නැයි ලක්ෂ්මන් යාපාට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ)

දකුණු පළාතේ ආයතන සභාපතිවරුන් දෙදෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින්  එම තනතුරු වලින්  ඉවත් කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් එසේ ඉවත් කිරීමට  හේතු දක්වමින් වාර්තාවක් වහාම ලබා දෙන්නැයි  මැතිවරණ කොමිෂන් සභාව දකුණු පළාත්  ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන  මහතාට  ලිපියක් යවා ඇත.

ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගෙන මෙසේ කරුණු විමසූ බව මැතිවරණ කොමිෂන් සභාවේ  උසස් නිලධාරියෙක් පැවසීය.

එහෙත් ඊයේ වන විටත් ආණ්ඩුකාරවරයා කරුණු ඉදිරිපත් කර නොතිබූ බව එම නිලධාරියා සඳහන් කළේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක තනතුරු ලබාදීම උසස් වීම් පිරිනැමීම මාරු කිරීම් කිරීම සේවයෙන් ඉවත් කිරීම  නීතියෙන් තහනම් බව  මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන් රත්ගම සහ බලපිටිය ප්‍රදේශවල රජයේ වාහන පාවිච්චි කරමින් මැතිවරණ කටයුතුවල යෙදීම හේතුවෙන් ඔවුන් දෙදෙනා එම තනතුරු වලින් ඉවත් කළ බවයි.

එම තනතුරු දෙකට රජයේ නිලධාරීන් දෙදෙනකු පත් කළ බවද ඔහු සඳහන් කළේය.

රජයේ වාහන මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නා ලෙසට එම දෙදෙනාට තමා මුලින්ම දැනුම් දුන් නමුත් තමාගේ නියෝගය කඩ කරමින් දිගින් දිගටම වාහන පාවිච්චි කිරීම හේතුවෙන් දෙදෙනා එම තනතුරු වලින් මෙසේ ඉවත් කළ බවද ආණ්ඩුකාරවරයා කීවේය.

තමා මේ සම්බන්ධයෙන් සියලු කරුණු දක්වා මැතිවරණ කොමිෂන් සභාවට අද හෙටම ලිපියක් යොමු කරන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ආයතන සභාපතිවරුන් කිහිපදෙනෙකු  ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගෙන්ද පසුගියදා  කරුණු විමසීය.



අදහස් (2)

මැතිවරණ නීති කැඩුවාට හේතු දක්වන්නැයි ලක්ෂ්මන් යාපාට ලිපියක්

Samantha Wednesday, 04 September 2024 04:35 AM

සංස්ථා අධිකාරි වගේ ආයතන වල අය මැතිවරණ අවස්ථාවල දේශපාලන කටයුතු කරනවා. රජයේ දේවල් අයුතු පරිහරණය කරනවා .ඔවුන් සේවයෙන් ඉවත්කිරීම කවුරු කොහොම කිව්වත් මැතිවරණ නීති කැඩීමක් නොවෙයි. ආණ්ඩුකාරයා කියනදේ ඉතාමත් නිවැරදියි කියන්න පුළුවන් .ඔහු කරලා තියෙන්නෙ මැතිවරණ කොමිසම කරන්න ඕන දෙයක් තමයි

:       3       2

ජයනාත් Wednesday, 04 September 2024 06:44 AM

මෙවැනි අය දේදේශපාලනයෙන් ඉවත් කල යුතුය .

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site