IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සල්ලි අරන් නඩුවලට පෙනී නොසිටි නීතිඥයාගේ කෝටි ගලවයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩුවලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට අද (03) නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙවැනි ආකාරයේ ක්‍රියාවක් නොකළ යුතු බව තීරණය කරමින් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මාසස 03කක් ඇතුලත රුපියල් ලක්ෂ 30 වන්දියක් පෙත්සම්කාර හිමිනමට ගෙවීමටද නීතීඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතාට නියම කළේය.

දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් ගොනු කර තිබු පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කරමින් එලෙස නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරෙරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් සැඳුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙ පෙත්සමවිභභාග කෙරිණී.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරෙරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නම් කර සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරෙරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.

පෙත්සම්කාර චන්දානන්ද හිමියන් කුරුණෑගල සහ මිනුවන්ගොඩ දිසා අධිකරණවල ඉඩම් නඩු දෙකක් පවරා තිබු බවත් එම ඉඩම් නඩුවල තමන් වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකාර නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතාට රුපියල් 44,50,000/-මුදලක් ගෙවා ඇතැයිද නඩු විභාගයේදී හෙළිවිය.

 



අදහස් (0)

සල්ලි අරන් නඩුවලට පෙනී නොසිටි නීතිඥයාගේ කෝටි ගලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site