
(සුජිත් හේවාජුලිගේ)
රජය සහ රාජ්‍ය ආයතන සතු සංචාරක නිවාස, තානායම් සහ නිවාඩු නිකේතන යනාදිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින කිසිදු දේශපාලඥයකුට නිලධාරියකුට හෝ වෙනත් පුද්ගලයකුට ඡන්ද කාලයේදී දීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ආයතන ප්‍රධානීන්ට විශේෂ නිවේදනයක් යවමින් දැනුම් දී ඇත.
එමෙන්ම එවැනි ස්ථානවල නවාතැන් ගන්නා පුද්ගලයන්ට දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරතවීමට ඉඩ නොදිය යුතු බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
රජය සතු ගොඩනැඟිලි සහ ඒවා පිහිටි භූමිවල දේශපාලන පක්ෂයන්හි සහ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පෝස්ටර් සහ කටවුට් යනාදිය ප්‍රදර්ශනය කිරීමට හෝ ගබඩා කිරීමට ඉඩ නොදිය යුතු බවද එහි දැක්වේ
දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරීන් නිවාඩු ලබාගෙන හෝ කිසිදු දේශපාලනමය කාර්යයන්හි නිරත නොවිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද වැඩට රජයේ තානායම් තහනම්
kam Wednesday, 04 September 2024 04:45 AM
මේවා හොඳ වැඩ. එතකොට ඉස්සර මේ නීති තිබුනේ නැද්ද, නැතිනම් කොන්ද කෙලින් නිලධාරින් හිටියෙ නැද්ද?