සියනෑ කුමාරී’ පිලී පනී කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ ’සියනෑ කුමාරී’ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතරදී අද (25) රාත්‍රී 8.30 ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 January 2024
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපලා බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල නොගෙවීම නිසා විදුලිය සැපයුම ඊයේ (24) සිට විසන්ධි කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. 25 January 2024
සේරම බළලුන්ටයි බල්ලන්ටයි චීනයේ වයෝවෘද්ධ කාන්තාවක්, ඇය සතු ඩොලර් මිලියන 2.8 ක් වටිනා ඇගේ සියලු දේපොල සහ මුදල්, ඇගේ දූ දරුවන්ට නොදී, ඇය ආදරයෙන් ඇති දැඩි කරන බළලුන් සහ බල්ලන් ට ලබා දීමට තීරණය කර ඇතැයි ‘සවුත් චයිනා මෝනිං’ පුවත්පත පවසයි. 25 January 2024
ප්‍රංශ ජනපති ඉන්දියාවේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දියාවට පැමිණ සිටී. 75 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වනු ඇත්තේ මැක්රොන්ය. 25 January 2024
පුතාගේ පැමිණිල්ලට පියාගේ සිරුර ගොඩගනී සිය සහෝදරියගේ දුක සැප බැලීමට ඉන්දියාවට ගොස් සිටියදී මියගිය සිය පියාගේ මරණය සැක සහිත බව කියමින් කළ ඉල්ලීමක් පිළිගත් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර ඔහුගේ දේහය යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය. 25 January 2024
ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගොස් පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළේය. 25 January 2024
ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කනිෂ්ඨ නීතිඥයාට වට කර පහර දීලා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දහක් බලා සිටියදී පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් අද (25 ) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 25 January 2024
මැංගුස් ගහෙන් මාරයා එයි මැංගුස් කැඩිමට මැංගුස් ගහකට නැගගත් 66 හැවිරිදි දෙදරු පියෙකු එම ගසේ අත්තක් සමග බ්මට වැටිමෙන් මරුමුවට පත්ව ඇතැයි පොල පොලීසිය කියයි. 25 January 2024
ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුකරන සිව් මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය අද (25) දුරුතු පොහෝ දින සිදු කෙරුණි . 25 January 2024
ගංජා සමඟ ණය නිලධාරියා මාට්ටු ලිසිං සමාගමක ආණමඩුව ණය නිළධාරියකු කේරළ ගංජා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි නොරෝච්චෝල පොලිසිය ඉලන්තඩිය ප්‍රදේශයෙදි අද( 25) අත් අඩංගුවට ගත් බව කියයි. 25 January 2024
නරක ශුද්‍ර ජීවීන් එක්ක සටන් කරන්න ජාත්‍යන්තර සහය ශුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම (2023- 2028)ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 25 January 2024
ගමේ වැව් අමුණු හදන්න මේ අවුරුද්දෙත් කෝටි 100ක් කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලි පිළිසකර කිරීමට මේ වසරේ රුපියල් කෝටි 100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ. 25 January 2024
කොකෝවා වවන්න රජයේ වතු බදු දෙයි කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 January 2024
සනත්ගේ නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 ඉරිදා ආරච්චිකට්ටුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 25 January 2024
මැතිසබය වාර අවසාන කිරීම හෙට රෑට පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) අද (26) මධ්‍යම රාත්රියේදී වාර අවසාන කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 25 January 2024
මෛත්‍රීගේ පනතකට කැබිනට් අනුමැතිය අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
රිය අනතුරින් පියා -පුතු මරණයට: මව රෝහලේ ආණමඩුව ලබුගල ප්‍රදේශයෙදී අද(25 ) සිදුවු මාරක අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 25 January 2024
මීනගයා දුම්රියේ ආපනශාලාවට සීල් තියයි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාවලට අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබීය. 25 January 2024
නිධන් හාරන්න ගිය චීවරධාරීයා ඇතුළු 11 ක් පොලිස් දැලේ නිධන් කර ඇති පෞරාණික වස්තුන් සොයා තඹුත්තේගම කිත්සිරිගම ප්‍රදේශයේ නිවසක් පිටුපස කැණීම් සිදු කරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි. 25 January 2024
ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක් ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ පිරිස අතරේ සිටින බව පැවැසෙයි. 25 January 2024
සනත්ගේ මන්ත්‍රී පුටුවට ජගත් එල්.කේ ජගත් ප්‍රියංකර මහතාරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරයට පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ. 25 January 2024
නීතිය පමාවීමේ වැරැද්ද හදන්න සංශෝධනයක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් (1970 අංක 15 දරණ) සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනයට විනිමය බිල්පත් ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
කාමාතුරයන්ට දඬුවම් වැඩි කරන්න නීතිය වෙනස් කරයි දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
ලංකාව ගැන ඇමෙරිකා සංවිධානයක හිත උණු වෙයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ Latter-day saint charities සමාගම අතර ඇති කරගත් සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
කාන්දකාඩුවේ තවත් රැදවියෝ පිරිසක් පලා යති:17 ක් අත්අඩංගුවට පොලොන්නරුව ,වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් පිරිසක් ඊයේ (24) රාත්‍රී පලාගොස් ඈති බව වැලිකන්ද පොලිසිය කියයි. 25 January 2024
’’කුරුඳු වැඩ’’ අලුත් තැනකට පවරයි ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 25 January 2024
කුරුණෑගල විහාරස්ථානයකට වෙඩි ප්‍රහාරයක් දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට ඊයේ (24) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි. 25 January 2024
පොලිස් ලොක්කෝ තුනකට ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඊයේ 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ. 25 January 2024
ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026