පොලිස් සිර මැදිරියෙන් දෙන්නෙක් පැන ගිහින් ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම පලාගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 03 April 2024
තායිවානයට ප්‍රබල භූමි කම්පාවක් රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය කැලැඹිණි. තායිවානය යනු චීනය අයිතිය ඉල්ලන චීනය අසල පිහිටි වෙනම පාලනයක් සහිත රාජ්‍යයකි. 03 April 2024
නෞකාවට පටවන්න ගිය වාහනයක් මුහුදට වැටෙයි හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. 03 April 2024
පෙදරේරුවාගේ බෙල්ල කපා මරලා බොරලැස්ගමුව දේවාල මුල්ලේදි පෙදෙරේරුවෙකුගේ ගෙලට මන්නයකින් කොටා ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි. 03 April 2024
මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවති නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබේ 03 April 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 April 2024
මිහින්තලේ හිමි පොසොන් කමිටුවෙන් නැගිට යයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී අද උදෑසන පැවති 2024 ප්‍රථම පොසොන් කමිටු රැස්වීම ආරම්භයේදී මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් රැස්වීම් භූමියෙන් නැගිට යාමත් සමග පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහා දිසාපති ජනක ජයසුන්දර මහතාට එම රැස්වීම නතර කර දැමීමට සිදු වීමෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියා කාරිහු සියලු දෙනා රැස්වීම් භූමියෙන් පිටව ගියහ. 02 April 2024
දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකුට දිවිය එපා වෙලා තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කරන්නට ඇතැයි සැක කෙරේ. 02 April 2024
ලංකාව අඩි 50ක් පෙරට තබයි ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ. 02 April 2024
ගැසට් කළ ’’අටක්’’ පාර්ලිමේන්තුවට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නියමයන් ,රෙගුලාසි සහ නියෝග අටක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2024
සජිත් සමඟ විවාදයට අනුර සූදානම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව ජාජබ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවකදී අද (2)පැවසීය. 02 April 2024
ලක්ෂ 20ක හෙරොයින් සමඟ ‘හබරකඩ කසුන්ගේ‘ ගෝලයා මාට්ටු ඩුබායි හී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’හබරකඩ කසුන්’’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සමීපතමයෙකු වන අයෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ ප්රමුඛත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත. 02 April 2024
රංගන ශිල්පි ගීතාල් පෙරේරා දිවි සැරිය නිමා කරයි ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය 02 April 2024
කොළඹ මුස්ලිම් පාසල් ගැටළු විසඳන්න ජනපති උපදෙස් කොළඹ කලාපයේ මුස්ලිම් පාසල්වල ගැටළු සොයා කඩිනම් විසඳුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 April 2024
ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙන්නාට පැනවු තහනම දිග් කරයි පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට පැනවූ මෙරටින් පිටවීමේ තහනම් නියෝගය ජුනි මස 13 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද( 02) නියෝග කළේය. 02 April 2024
’’සුද්දො’’ යන වාහන ආනයනයට අවසර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය වාහන ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2024
වැට් වැඩි කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි එකතු කළ අගය මත බදු (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල එකතු කල අගය මත බදු පනත යටතේ නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (2) පස්වරුවේ සම්මතවිය. 02 April 2024
ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම විසි වෙයි මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු කර වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (02) ප්රතික්ෂෙප කළේය. 02 April 2024
2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලා රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800 ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය. 02 April 2024
ලංකා සතොස භාණ්ඩ 9ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 02 April 2024
මාර්තු මාස සංචාරකයන් 209,181ක් ඇවිල්ලා විදෙස් සංචාරකයන් 209,181 ක් පසුගිය මාර්තු මස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පසුගිය දෙසැම්බර් මස සිට අඛණ්ඩව මාස හතරක සංචාරකයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යා බැගින් මෙරටට පැමිණි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය. 02 April 2024
ෆින්ලන්ත පාසලක වෙඩි තැබීමක් ෆින්ලන්තයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ. 02 April 2024
ඉඩම් හබයට මස්සිනා මස්සිනාගේ අත කපයි යාපනය වඩමාරච්චි තම්පසිට්ටි වට්ටුවාන් ප්‍රදේශයේ දී පවුල් දෙකක් අතර වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අතක් වෙන්වන සේ කපාදමා රැගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය. 02 April 2024
මත් රකුසාගෙන් සිසුන් රැකගන්න වැඩසටහනක් පාසල් ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ ’’සුරක්ෂිත හෙටක්’’ සමාරම්භක වැඩසටහන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) වන අද දින මරදාන අසෝක විද්‍යාලයේදී පැවැත්විණි. 02 April 2024
ඩීල් කාරයෝ සිරිසේනට මොනව කරයිද දන්නේ නෑ තම හදවතේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් කිසිදු පක්ෂයකට නොයන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 April 2024
රට පුරා 9000ක් පිපාසයේ පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866 ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 02 April 2024
’’රනිල් අලියගෙන් ආවොත් උදව් කරන්නේ නෑ’’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 April 2024
සුරාබදු අංශ හයක් සුද්ද කරයි මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නිලධාරීන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ විශේෂ අධීක්ෂණ ඒකක පහ සම්පූර්ණයෙන්ම ප්රතිසංවිධාන කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2) පැවසීය. 02 April 2024
කථිකයන් නැතුව මැති සබය නවතී බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 4 දක්වා කල්තැබිණ. 02 April 2024
නගර සභා කම්කරුවාගේ කණ පැලූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව කියන එම නගර සභාවේ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු මහනුවර මුල ස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 02 April 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026