ලංකාව කරන්නේ ලෝකෙ අනිත් රටවල් කරන දේමයි ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරන්නේ ලෝකයේ සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාවලියම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 January 2024
ඔන්ලයින් පනත’ට අදත් විරෝධය පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන ‘ඔන්ලයින් පනත’ට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිය සමිති නියෝජිතයෝ එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක් අද (24) පෙරවරුවේ පැවැත්වීය. 24 January 2024
රත්තරං නම වැටුණ හැටි කියයි තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 January 2024
බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයේ මහ මොළකරු අල්ලයි බෙලිඅත්තේදී පෙරේදා (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 24 January 2024
සමාජ මාධ්‍යය නිදහසක් අනවශ්‍යයි මරණාධාර සමිතියක වුනත් ව්‍යවස්ථාවක් තිබෙන රටේ සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබෙන්න විදියක් නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 24 January 2024
අරුවක්කාලුවේ වැඩ මාර්තුවේ අවසන් අරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 January 2024
සරම්ප රෝගීන් වැඩිවෙලා මහා බ්‍රිතාන්‍යයේත් සෙසු යුරෝපා රටවලත්, සරම්ප රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 24 January 2024
ඔන්ලයින් පනතට ජාත්‍යන්තරයත් විරුද්ධයි සමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 January 2024
ධීවරයෝ 7ක් පෝරකයට ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ චෝදනනාවන්ට වරදකරුවන් වු ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම නියම කළේය. 24 January 2024
TIN අංකය හැඳුනුම්පතින් එයි ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 24 January 2024
සීනි බදු වංචාවේ ලිපි ගොනු නීතිපතිට සීනි බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඒ පිළිබඳ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 January 2024
රිය අනතුරින් කාන්තාව මරුට: පාරේ සිටි ගවයින් 8කුත් මැරිලා යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය,අලිමංකඩ ප්‍රදේශයේදී බස්රථයක් වෑන් රථයක ගැටී අද(24) උදෑසන සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 24 January 2024
පොල්දූව වටරවුමේ විරෝධයට වාරණයක් සමාජවාදී තරුණ සංගමය අද(24) දින පොල්දූව වටරවුමේ සංවිධානය කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇත. 24 January 2024
ක්‍රීඩා පුහුණුකරු මත්පෙති-කුඩු සමඟ අල්ලයි මහනුවර ප්‍රදේශයේ ජාතික පාසලක බාහිර ක්‍රිඩා පුහුණුකරුවකු මත්පෙති 4100 සහ කුඩු ග්රැම් 2 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 24 January 2024
විදෙස් රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ දෙකක් මාට්ටු විදේශ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ අසූ තුනකට අධික මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු කඳාන ප්‍රදේශයේදී) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. 24 January 2024
වන අලි ප්‍රහාරයෙන් වෙළෙන්දා මරුට වාලච්චේන සිටි වැලිකන්ද සෙවනපිටිය නගරය අසල බදාදා පොලේ වෙළඳාමට පැමිනෙමින් සිටි වෙළෙන්දෙකුට අද අලුයම 4.00 ට පමණ වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 24 January 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයන් ආ වාහනය හමුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා ඝාතකයන් පැමිණි බව කියන ජිප් රථය ගාල්ල හැව්ලොක් පෙදෙසේ රථගාලේ නවතා තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි. 24 January 2024
නුවරඑළියට මල් තුහින වැටේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 January 2024
හිමිනම ඝාතනයේ තොරතුරු එළියට මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී ඊයේ 23 හිමිනමක ඝාතනය කළ සැකකරුවන් එම හිමිනමගෙන් යමක් ඉල්ලා ඇති බවත් එහිදී ඇති වූ බහින්බස්වීමකදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පසුව හිමිනමට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය. 24 January 2024
‘‘යුක්තිය නවත්වන්න‘‘-මනව හිමිකම් සංවිධානය විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසත් මෙහෙයුමේ මෙතෙක් ගමන් මග සමාලෝචනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 24 January 2024
දෙපිරිසේ ගැටුමෙන් තුනක් රෝහලේ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුට අද (23) මීගහකිවුල දිසා රෝහලට හා හා බදුල්ල ශීක්ෂණ රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි. 23 January 2024
පාඨලීගෙන් පැමිණිල්ලක් ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහජන උපයෝගිතා කොමිසමට අද (23) පැමිණිල්ලක් කළේය. 23 January 2024
වන සංරක්ෂණ ඉඩම් කෘෂිකර්මාන්තයට වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය. 23 January 2024
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් එක්දින තරග පල්ලෙකැලේට ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 23 January 2024
හිමිනම ඝාතනයට පැමිණි මෝටර් රිය ගිනිගනී ? මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද 23 සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි. 23 January 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන තොරතුරු එළියට තංගල්ල මහාධිකරණයේ නඩුවකට පෙනීසිටීම සදහා ඊයේ (22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ඇතුළු පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට අනාවරණයවී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය. 23 January 2024
වාහන ‘ඕපන් පේපස්’ නම් පැරණි අයිතිකරු අමාරුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන මෝටර් රථ පාවිච්චි කරන වාහන හිමියන් හැකි ඉක්මණින් ලියාපදිංචි මාරු කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 23 January 2024
කොච්චර ‘හූ’ කිව්වත් පොහොට්ටුව ගමට යනවා අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (23) පැවසීය. 23 January 2024
මොරගොල්ලෙන් මෙම වසරේ මෙගාවොට් 30ක් ජාතික පද්ධතියට මෙම වසර අවසානයේ වැඩ අවසන් වීමට නියමිත මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30 ක් ජාතික විදුලි පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 23 January 2024
උද්ධමනය ගැන බය හිතෙන අනාවැකියක් ‘වැට්’ බද්ද සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 23 January 2024
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026