
(අංජුල මහික වීරරත්න)
වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
අදාල තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවක් වත් තමා නොදන්නේ යැයි පවසන සේනාරාධිරාජා මහතා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බවට ගත් තීරණයක් ගැනද තමා නොදන්නා බව පවසයි .
එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බවද සේනාධිරාජා මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද දෙතුන් දෙනෙකු විසින් ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා මහතා වැඩිදුරටත් කීවෙිය. ඉලංකයෙහි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්.ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
පක්ෂ වල නිල මතය මොකක් වුණත් ජනතාව තමන්ට හිතෙන කෙනෙකුටයි ඡන්දෙ දෙන්නේ... නිදහස් මැතිවරණයක් කියන්නේ ඒකට ජනතාවට තමන් කැමැති කෙනෙක් තෝරාගන්න නිදහස තියෙනවා.
සුමන්තිරන් කොලඹ හාදයා, ඔහුට යාපනයේ චන්ද නැහැ, සජිත් පව්.
අජිත් ඩොවාල් ඇවිත් කළ දැනුම් දීම අනුවයි මේ තීරණය ගත්තේ. ඉන්දියාවට ඕන විදිහට නටවන්න බැරි මාලිමාවේ ආණ් ඩුවක් එනවට එයාලා කැමති නෑ