IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මාතලේ දේශපාලන නාට්‍ය මැකෝ එද්දී නතර වේ

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් පිළිබඳව මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් එම ස්ථානයට ළඟාවන අවස්ථාවේදී නළු නිලියන්  ඇතුළු එම පක්ෂයේ බලවතුන් පිරිසක් විසිර ගියහ.

ප්‍රධාන පක්ෂයක ස්වාධීන අපෙක්ෂයකුට සහාය දැක්වෙන අයුරු ඇඟවෙන වීදි නාට්‍යයක් හා ඔහුගේ රුව රැගත් පෝස්ටර් අතැතිව ෙ එම ස්ථානයේ රැඳී සිටි ප්‍රබලයින් ඇතුළු පිරිසක් මැතිවරණ නිලධාරීන් පැමිණීමට පෙර එම ස්ථානයෙන් ඉවත්ව සිටියහ.

එම පිරිසට ආහාර ලබාදීමට සූදානමක් ඇති බවට මාතලේ මැතිවරණ පැමිණිලි ආරවුල් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මාතලේ සහකාර ප්‍රධාන තේරීම් භාර නිලධාරී උත්පල ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් හා පොලිසිය සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කර අවස්ථාවේදී එම ස්ථානය තුළ එවන්නක් සිදු නොවූ බැවින් එම ස්ථානයෙන් පිටතට පැමිණ සුළු මොහොතකට පසු සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරය ඉදිරිපිටදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් පවත්වන බවට නැවතත් ඔහුට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැවතින අවස්ථාවේදී වීදි නාට්‍යයේ නියැළී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත්ව මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට ලැබුණි.

 



අදහස් (11)

මාතලේ දේශපාලන නාට්‍ය මැකෝ එද්දී නතර වේ

Priyantha Dissanayake Monday, 02 September 2024 08:01 AM

මේ පිරිස ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම මහා ප්‍රජාතන්ත්‍රවාදීයා යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන කෙනාගේ යටත් වැසියෝ, අනුග්‍රාහකයෝ නේද..? කරුණාකර එතුමාට ලැජ්ජා කරන්න එපා.

:       13       60

Kazi Shajahan Monday, 02 September 2024 08:49 AM

මහලොකු පුළුවන් ශ්‍රීලංකා..... යකෝ පුළුවන්ද අපි චාටර් නොකර පාස්පෝට් හැදුනුම්පත් කාඩ් එකක් දෙන්ඩ... නම විතරයි බොරු කයිය

:       17       82

ලුම්බිණි Monday, 02 September 2024 09:07 AM

පුළුවන් කිව්වට බැහැ වගෙයි .

:       16       82

Abeywarxana jayaMonday, 02 September 2024 04:36 PM

රනිල් ඔයාට කිසි දෙයක් කරන්න බෑ. ඔයාගේ වැඩක් බලාගන්න...!

:       0       0

Asela Monday, 02 September 2024 10:09 AM

අපි දැන් අවුරදු 50 තිස්සේ මේ පුළුවන් මුත්තාගේ විකාර දැක්කා , දින්නට පස්සේ තනිකරම් ලෝකහොරුන්ට විතරයි සලකන්නේ

:       7       27

Rata Perata Monday, 02 September 2024 11:45 AM

මේ ස්වාධීන අපේක්ෂකයා වගේම මිනිහගේ ගොඩයොත් කරන්නේ නීති විරෝදී වැඩ... රට කන්නම උපන් කෙනෙක්...

:       8       43

අරවින්ද මොනරවිල Monday, 02 September 2024 01:09 PM

මේ ස්වාධීන අපේක්ෂකයා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරන ලද්දෙකි. මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. ඒ වගේම පාස්කු ප්‍රහාරය මොහුගේ දැනුවත්කම මත සිදුවූ අපරාධයක් ලෙස සාක්ෂි ලැබී තිබෙන අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර යටතේ ලබාගත් ඩොලර් බිලියන 12.5 ක් සහ මාගම්පුර වරාය චීනයට වසර සීයකට බදුදී ලබා ගත් ඩොලර් බිලියන 1.1 අස්ථාන ගතවීම සම්බන්ධයෙන් ළඟදී අත්අඩංගුවට පත්වීමට නියමිත අයෙකි...

:       6       37

Prabha Monday, 02 September 2024 01:21 PM

ඔයා සිලින්ඩර් 100 කවදාවත් නීතියට ගරු කරපු කෙනෙක් නෙමෙයි

:       5       27

ලසන්ත Monday, 02 September 2024 02:42 PM

වසා නොසමත් කම් ගුණ වරුණ යාතිකා කසා පිට අපුල්ලා හේදුවත් දැලි කුණු මක මකා නිසා අඳුරේ ගිලෙන එළි මිලිනව තාරුකා අසා ඉමු තවත් අපි ගොළු හංස ගීතිකා.. ලිහිණියාගේ - ගිජුලිහිණි සංදේශය

:       2       16

බද්රානි Monday, 02 September 2024 03:01 PM

ලෝකයේ මෙතරම් දියුණු තාක්ෂණයක් තිබුණත්, ඒ කිසිවක් නොදන්නා, ලංකාවේ, මෝඩ රැළගේ මේ ගෝත්‍රික විගඩම් දැකලා අපට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා... මේ අයට පිස්සු නැත්නම් ෂෝක්..!

:       2       6

Dilshan Monday, 02 September 2024 03:40 PM

අපේ සල්ලි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site