
(දයාරත්න ඇඹෝගම සහ යොහාන් භාසුර)
ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් ජය පිරිත් සජ්ජායනයක් අනුරාධපුර, කොරකහවැව පළාත් සභා පුහුණු මධ්‍යස්ථානයේදි ඊයේ සිදු කෙරිණි.
‘‘නීති ගරැක රටක් දැහැමි පාලනයක්” උදෙසා ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් සිදුකළ මෙම ජය පිරිත් සජ්ජායනයට මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කළහ.
අනුරාධපුර පාරම්පරික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, ලෝටස් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ, පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේ සහ පඩුවස්නුවරල රත්මුළුකන්ද පුරාණ රජමහා විහාරාධිකාරී මායාකඩවර ධම්මික ස්වාමීන් වහන්සේලා අනුශාසනාවන් සිදු කළහ.
මෙම අවස්ථාවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මාලින්ද, එම පක්ෂයේ ජාතික සංවිධායක සුදත් ජයසිංහ යන මහත්වරැ සහ ජාතික භික්ෂු සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් වජිර රූපසිංහල, ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ජයලත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කෙරේ පැහැදීමක් තිබෙනවා සහ යම්කිසි විශ්වාසයක් තිබෙනවා. නමුත් ඔබතුමා තේරුම් නොගත් දෙයක් තිබෙනවා. පැමිණිය යුත්තේ ඔය ආකාරයට නොවෙයි මැතිතුමණි. ඔය ක්‍රමයට මෙවර නොවෙයි තව පනස්වරක් ඉදිරිපත්වුවත් ජනාධිපති වෙන්න බැහැ. ඔබතුමත් සරත්ෆොන්සේකා මහතා වගේ හරිම අදූරදර්ශී තීරණයක් කරගෙන තිබෙන්නේ... මැතිතුමනි, හිතන්න සාරධර්ම, සිංහලකම, බෞද්ධකම, උගත්කම, හැදිච්චකම, දක්ෂකම, ජනප්‍රියත්වය, පිරිසිදුභාවය, ශිෂ්ඨ සම්පන්න සැබෑ බෞද්ධයෙක් ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ විශ්වාසය, ආශිර්වාදය, බෞද්ධ ජනතාවගේ විශ්වාසය, ආශිර්වාදය දිනාගත්, තහවුරු කරගත් එවන් සුවිශේෂ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ අතක ඇඟිලි තරම්වත් දැයි සැකයි. ඒ තරම් දුර්ලභ පිරිස අතර කෙනෙක් ඔබතුමා. ඔබතුමා සුවිශේෂයි. ඔබතුමාගේ අසලකින්වත් තියන්න බැරි ගෝඨාභය, මෛත්‍රීපාල සිරිසේන වගේ අය ජනාධිපති වූවා. ඔබතුමා මේ ඉදිරිපත්වූ ක්‍රමය වැරැදියි මැතිතුමනි. ඔබතුමා මෙතැනට ඇද දැම්මේ මෛත්‍රිපාල සිරිසේන උන්නැහේ එතුමා හරිම අදූර දර්ශීයි. ඔබතුමා 21 වැනිදාට තේරුම් ගන්න. ඉන්පසු බොහෝම ඉවසීමෙන් සහ මෙතෙක් රැකගත් පිරිසිදු චරිතය මතු මතුවට ගුණධර්ම රැකගන්න මතු ජනාධිපතිවරණයක ජය ඔබතුමාට හිමියි...