
සඳේ වඩාත් පැහැදිලිම ඡායාරූපයක් ලබා ගැනීමට කුර්දි ජාතික තාරකා ඡායාරූප ශිල්පී දාර්යා කාවා මිර්සා සමත් වී සිටී.
මිර්සා මෙම ඡායාරූපය සකස් කර ඇත්තේ, සිවු දිනක් තිස්සේ, සඳ නිරීක්ෂණය කරමින් එහි ඡායාරූප ලබා ගනිමිනි.
සඳ මත භූ විෂමතා, ආවාට ආදිය ඉතාමත් පැහැදිලිව, සවිස්තරාත්මකව මෙම ඡායාරූපයෙන් දකින්න ලැබෙයි. මේ අයුරින් සවිස්තරාත්මක ඡායාරූපයක් මීට පෙර දකින්න ලැබී නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැහැදිලි කරයි.
සිවු දිනක් තිස්සේ කොටසින් කොටස ඡායාරූප 81,000 කට වැඩි ගණනක් ලබා ගනිමින්, අවසානයේ සකස් කළ සම්පූර්ණ ඡායාරූපය මෙගා පික්සල් 159.7 කි. එහි ප්‍රමාණය ගෙගාබයිට් 708 කි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd