ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගේන එකක් ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගෙන එන එකක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 January 2024
O/L පෞද්ගලික අයදුම්කරුවන්ට කොන්දේසි ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2023/2024 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කරන පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ කොන්දේසි කිහිපයක් පනවා තිබේ. 23 January 2024
කැරට් ගැන සුබ කතාවක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නුවරඑළිය, බෝපත්තලාවේ හා මැණික්පාලම ගොවිපොළවල කැරට්, ගෝවා සහ රාබු වගා මේ වනවිට ඉතාමත් සරුවට වැවී ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්හ. 23 January 2024
පොලී අනුපාතය වෙනස් නොවෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවතින මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව ප්‍රකාශ කළේය. 23 January 2024
පාරිභෝගිකයන් රකින ඔන්ලයින් පනතක් ළඟදීම ඔන්ලයින් ක්‍රමවලින් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධිවිධාන ඇතුළත් වන පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 January 2024
වෛද්‍යවරුන්ට ඉහළ දැමූ 35,000ක දීමනාව අත්හිටුවයි මෙම ජනවාරි මස සිට වෛද්‍යවරුන්ට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 35,000 ක දීමනාව තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 23 January 2024
ලවණ බාධකයට කතානායක දෙහි කපයි මාතර ලවණ බාධකය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය එකතු වී මහා ජාතික අපරාධයක් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 January 2024
සජබ අලුත් ජාවාරමක් පටන් අරගෙන සමගි ජන බලවේගය බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණ වලට ගෙන්වන ජාවාරමක් පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 23 January 2024
මිදිගමදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේදී කාර් රථයක් ගැටී රථයේ සිටි දේශීය මඟ පෙන්වන්නා සහ විදේශීය සංචාරකයෙක් රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය. 23 January 2024
අ’පුර රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව, එම කිඹුලා විසින් ඇද ගෙන යන අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී ඇති අතර දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ. 23 January 2024
නිවාස ඔප්පු වැඩසටහන කැබිනට් අනුමැතියට නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 January 2024
ලවණ බාධකයට නිවැරදි කරන්නැයි මාතර ගොවීහු පෙළ ගැසෙති නිල්වලා ගග හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය. 23 January 2024
ඔන්ලයින් පනතට හසුවන දේවල් මෙන්න ඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්,අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 January 2024
ලක්ෂ 30 ක මත්ද්‍රව්‍ය සමඟ තවත් ජාවාරමෙක් මාට්ටු ඩුබායි රාජ්‍යයේ සිට .මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’’පෑලියගොඩ කලණ ’’නැමැත්තාගේ, මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන ’’ ’’බොරලැස්ගමුවේ බෙන්සි’’ නැමැත්තා රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනා කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 23 January 2024
ඉඩම් ආරවුලට හිමි නම මරා දමයි මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 23 January 2024
’සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ඔන්ලයින්’ පනතට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළ අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 23 January 2024
විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැදට තල්ලු වෙයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ පැවසීය. 23 January 2024
ඔන්ලයින් පනත විවාදයට කැමති අය ඡන්දය දිනයි ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය වැඩි ඡන්ද 33කින් ජයග්‍රහණය කළේය. 23 January 2024
ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ6ක් අල්ලයි යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 January 2024
පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද නැද්ද යන කාරණය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් ප්‍රකාශයට පත් කළේය. 23 January 2024
සී.සී.ටී.වී. කැමරා රථවාහන වැරදි 125 ක් හදුනාගෙන සී.සී.ටී.වී. කැමරා හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ඊයේ දිනය තුළ කොළඹ අවට නිරීක්ෂණයෙන් රථවාහන වැරදි 125 ක් හදුනාගත් බවත් එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බවත් පොලිස් මුලස්ථානය පැවසීය. 23 January 2024
ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි. ඒ, පාර්මේන්තුවේ විශේෂ ආර්ථික කමිටුවක් පැවැත්වෙද්දීය. 23 January 2024
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම් සිදුවූයේ ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේය. වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන්ය. 23 January 2024
චීනයේ භූමි කම්පාව ඉන්දියාවට දැනිලා චීනයේ සිංජියැං පළාත ඊයේ (22) සවස රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්රබලක්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැනුණු බවත්, නවදිල්ලි අගනුවර ගොඩනැගිලි පවා දෙදෙරා ගිය බවත් වාර්තා වේ. 23 January 2024
විදුලි බල ඇමතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව විදුලිබිල ගෙවා නැතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් අපහාසයක් කළ රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය. 23 January 2024
අලුත් ක්‍රමයකට පොල් පැළ හදයි පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ ඉතා සාර්ථක බව එම පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පැවසුවාය. 23 January 2024
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීය. 23 January 2024
ජනපති අද එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 11ක විදෙස් සංචාරයකින් අනතුරුව අද (23) දිවයිනට පැමිණෙයි. 23 January 2024
සවස් කාලයේදී තැනින් තැන වැසි සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 January 2024
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026