
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් බෙදා හැරීමේ ටැංකිය දින තුනක සිට මුද්‍රා තබා තිබේ.
ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ වයඹ පළාත් කාර්යාලය විසින් මෙසේ මුද්‍රා තබා ඇත. ඉන්ධන සාම්පලයක් ද වැඩි දුර පරීක්ෂණ කරා රැගෙන ගොස් තිබේ.
පෙට්‍රල් සමඟ භූම්තෙල් මිශ්‍රවී ඇතැයි දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගැනීමට සිදු වු බව මේ පිළිබදව විමසීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් වැඩ බලන කළමණාකරු එස්.බී.රත්නායක මහතාගෙන් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම පිරවුම් හලකම මේ පරීක්ෂණ දිගටම කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මීටර් නියම විදියටම ක්‍රියාත්මක වෙනවාද බලන්න ඕනෑ. හොරට තෙල් ගහනවා කියලත් චෝදනා තියෙනවා.
දෙසතියකට පෙර කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිරවුම් හලකින් ඔක්ටේන් 95 ඉන්ධන ලබාගත් පසුව එන්ජිමේ අනතුරු ඇඟවීම සිදුවුනා. කඩවත ප්‍රසිද්ධ ආයතනයකින් පරීක්ෂා කලා. උත්තරය ඉන්ධනවල ගැටලුවක් කියලා. පැමිණිලි කරල පලක් නෑ කියල තේරෙනවා...රට පුරාම බාල ඉන්ධන ඇති බව හිතෙනවා.
ඔය හුඟක් සමූපකාර පිරවුම්හල්වල මැනේජර් වුණු දැනුම ඇතිව ඕක කලක පටන් කරගෙන යන දෙයක්... පාලකයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ දේශපාලකයින්ගේ ගෝලබාලයින් වැඩේ කරගෙන යන හින්දලු...