(කේ. බුද්ධික කුමාරසිරි)
මාර්ග අංක 163 බත්තරමුල්ල දෙහිවල බස් රථයක ගමන් ගත් මගියෙකු තමන් ගෙවූ මුදලට ටිකට් පතක් සහ ඉතිරි මුදල් ඉල්ලීම නිසා උරණ වූ එම බස් රථයේ කොන්දොස්තරවරයා මගියාට පහර දී ඇතැයි තලංගම පොලිසිය පවසයි
අදාල පැමිණිල්ලට අනුව එම කොන්දොස්තර වරයා සැකපිට අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි
සැකකාර කොන්දොස්තරවරයාගෙන් පහර කෑමට ලක් වූ මගියා දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මගියා නීත්‍යානුකූල ඉල්ලීමක් කරලා තියෙන්නේ. බස් ටිකට් එක දීම අනිවාර්යයි. ඉතිරි සල්ලි නොදීම කියන්නේ හොරකමයි. මගියාට පහර දෙනකම් බස් එකේ මිනිස්සු බලාගෙන හිටියේ ඇයි? මිනිස්සුනේ ඔය කොන්දා අද ඒ මගියාට කරපුදේ හෙට ඔබටත් කරනවා නියතයි. ලැජ්ජයි. ඔය කොන්දගේ අතක් පයක් කඩන්න බැරි අබ්බගාතයෝද බස් එකේ හිටියේ...?
බස්නාහිර පළාතේම හරියට බස් ගාස්තු සංශෝධනයක් වුනේ නෑ වගේ. මාර ඒකාධිකාරියක් තියෙන්නේ කොන්දොස්තරලාගේ ඉතුරු සල්ලි දෙන්නේ නෑ. ටිකට් දෙන්නේ නෑ...!