
(බිමල් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වු පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි .
මෙලෙස වැඩ තහනම් කරනු ලැබූයේ මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුගේය.
සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකු වැලි පැන්න කෝපි වත්ත අරලිය උයන නිවසක රැඳී සිටින බවට වැලිපැන්න පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම නිලධාරීන් තිදෙනා සහ නිවෙස් හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd