
(නිමල් ජයරත්න)
මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ, මොකක් හරි යෝජනාවක් ආවොත් බලන්නේ ඒ යෝජනාව හොඳ නරක නෙමෙයි ඇමතියාට කීයක් එනවද කියල බලන්නේ, මෙතන ඉන්න වැඩිහිටි අය මීට කලින් නායකු හැදුවා ආණ්ඩු හැදුවා, හැබැයි ණය ගෙවා ගන්න බැරි රටක් ආහාර ටික සපයා ගන්න බැරි රටක් ඉස්පිරිතාලවල බෙහෙට ගෙන තිබුණා අධ්‍යාපන පහසුකම් නැති වුණා ලෝකය හමුවේ බාල්දු වෙච්ච රටක් බවට පත්වුණා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පොළොන්නරුව කදුරුවෙල 28 කණුව ප්‍රදේශයේදි පැවති ජන හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ඒ බව කීය.
ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක ටී.බී. සරත් මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කර තිබූ අතර එහිදී වැඩිදුරටත් කතා කළ අනුර දිසානායක මහතා මෙසේද කීවේය.
දැන් අප මොකක්ද කරන්න ඕන එහෙනම්, දැන් ඒ පැරණි ඉතිහාසයේ මිදිලා අපේ රට ලෝකයේම පිළිගන්න රටක් පොහොසත් රටක්, ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන නව ආණ්ඩුවක් අපි හදන්න ඕනේ, සැප්තැම්බර් මාසේ 21වෙනිදා ඔන්න ඔය ආණ්ඩුව හදමු කියලා තමයි අපි තමුන්නාන්සේලාට යෝජනා කරන්නේ
මේ සැප්තැම්බර් 21 වෙනිදා තෝරා ගන්න පැති දෙකක් තියෙනවා, ගොඩක් නෑ. පැරණි, අසාර්ථක, විනාශකාරී, රට දුප්පත් කරපු, ඒගොල්ලෝ පොහොසත් වුනු, පරණ පාර, ඕන නම් යන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙනවා, මොකක්ද. මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත්කරන්න, යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. දැන් අපි මේ දෙකින් මොකක්ද තෝරාගන්නේ ? පරණ පාරද අලුත් පාරද. මේ රටේ ජනතාව ආණ්ඩු හදලා ඇති තරම් හෙම්බත් වෙලා ඉන්නේ.
අපි ආණ්ඩු හදලා සතුට වෙනවා ටික දවසක් යනකොට හනේ අපොයි කියනවා, අපි තමුන්නාන්සේලාට කියනවා ආයේ කවදාවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුවාහම, අනේ අපොයි කියන්න සිද්ධ වෙන්නේ නෑ.
මේ සැරේ තමයි ගත්ත තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. අන්න ඒ විශ්වාසය ඒ වැඩේ අපි කරනවා, මේ දේශපාලන වේදිකාවේ ඉන්න කිසිවෙක් දේශපාලන තෝරගත්තේ අපිට යමක්, කිසිවක් කරගන්න නෙවෙයි.අපිට ඕනා මේ රට පෝසත් රටක් බවට පත්කරන්න. අපට ඕනා මේ රටේ ජීවත් වන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න. අපේ ගම්වල අම්මලා, තාත්තලා, මියදෙනවා රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නැතුව. අපේ දරුවෝ ඔහේ ලත වෙනවා මොකක්ද, පහසුකම් සහිත හොඳ පාසලක් කියලා දන්නැතුව.
අපේ රටේ තරුණ තරුණියන් තමන්ගේ අනාගතයන් මොකක්ද කියලා නිශ්චිතතාවයකට එන්න බැරුව පත්වෙලා තියෙනවා. කොයි වෙලාවෙද මේ රටින් පනින්නෙ කියලා තරුණ තරුණයන් කල්පනා කරන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා සෑම පැත්තෙන්ම අපේ රටේ ජනතාව දුකට වේදනාවට පත්වෙලා ඉන්නෙ. මම කියන්නේ මේක අපේ පරම්පරාවවත් අවසන් කළ යුතුයි. ඒකට අපි ආණ්ඩුවක් හදමු අපි එකින් එකට පටන් ගමු. ඉස්සරෝම මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ. අපේ රටේ මැති ඇමතිවරු හොරකම් කරන නිසා විදේශීය ආයෝජන අපට ආවේ නෑ. රනිල් වික්‍රමසිංහලාට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා කිව්වට, අපේ රටට ආයෝජනාවේ නැහැ. 1978 ඉඳන් 2022 දක්වා,අවුරුදු 44 ක් පුරාවටම මේ අය විදේශීය ආයෝජන ගෙනෙල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 22යි. ගිය අවුරුද්දේ වියට්නාමයට ඩොලර් බිලියන 23 යි. අපිට අවුරුදු 44 ටම 23 යි. අපේ රටේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතු තමයි හොරකම. මේ රට සංවර්ධනය කරන්න බැරි ප්‍රධාන බාධාව හොරකම බවද අනුර කුමාර දිසානායක මහතා කීවේය.
හොරකම් කර කර රට හැදීමට නොහැකි බවත්, හොරකම් කර කර සෞඛ්‍ය සේවය හැදිය නොහැකි බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
හොරකම නවත්වන්න නම් රනිල්, සජිත්, නාමල් සමග හොර නඩේම ගෙදර යවන්න ඕනෑ. ඒ අයගේ පෙන්ෂන් නවත්වන්න ඕනෑ. නාකි හිටපු ජනපතිලා අදටත් නඩත්තු කරන්න එපැයි...
හොරකම් නතර කරලා විතරක් මදි, පරණ ලෝක හොරු අල්ලන්නත් ඕනෑ. පස්සෙ නම් කියන්න එපා අපිට පරණ හොරු අල්ලන්න බැහැ කියලා.. එහෙම වුණොත් වස ලැජ්ජාව...
අපි නම් මේ පාර ඡන්දේ දෙන්නේ රනිල්/ සජිත්/ නාමල්/ දිලිත්ට විතරයි මොකද අපිට දින්නම බාර් ලයිසන්, කැසිනෝ ශාලා දාන්න, කළු සල්ලි සුදු කරන්න, මත්ද්‍රව්‍ය විකුණලා කෝටිපතියෝ වෙන්න පුළුවන් හොරෙක් ජනපති වුණාම විතරයි. අපිත් හොරු වුණත් හොරු...?
ඒක විතරක් මදි වෙයි නේද? බොරු කියන එක නවත්වන්නත් ඕනෑ.
හොරකම නතර විය යුත්තේ උඩ සිට පහළට පමණක්ම නොව පහළ බිම් මට්ටමේ සිට ඉහළට ද එය සිදුවිය යුතුයි. අද පවතින්නේ පහළ කුණු එකතු කරන සේවකයා සිට ඉහළට තමන්ට අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින තත්ත්වයක්. සියලු දෙනාම තම තමන්ගේ ආකල්ප යහපත් ලෙස වෙනස් කරගත යුතුයි. ජනතාව පත්කර යවන්නේ තමන්ගේ ආකල්පවලට සරිලන නායකයින් බව මතක තබාගත යුතුයි...
ඔබ ආව ගමන් මහා හොරා ඇතුලු සීනි හොරා, බැංකු හොරු, ටෙන් පර්සන්ට් වැනි අයගේ නඩු ටික ඉස්සෙල්ලා ගනියි කියලා අපි හිතනවා.
හොරකම් නතර කරන්න කතා කරන මිනිහා තොරතුරු වසන් කරලා රජයේ නිල නිවාස අවභාවිතා කරලා. ඒවත් හොරකම් තමයි හලෝ...!
පාර්ලිමේන්තු නිල නිවාස හොරා, බැංකු හොරා, නිධන් හොරා හා සුනාමි හොරු සමග කරට කර තරගයක්...
මෙයාලා හොරු අල්ලයි කියලා ආයෙත් පාරක් මිනිස්සු රැවටිලා... අල්ලයි ඔලුගෙඩිය...
ඔව් හොරකම වන්චාව නැවතිය යුතුමයි. ඒ ලෙසින්ම අතිශයින්ම අකාර්‍යක්ශම, ප්‍රායෝගිකව වැඩ කරන්න නොදන්නා රාජ්‍ය සේවය මුල සිට හැදිය යුතුයි. ඒ හා සමස්නවම මේ රටේ තියන වෘත්තීය සමිති මාෆියාව අවසන් කළ යුතුමයි. මොන දේ කරන්න හැදුවත් වර්ජනය කරන මේ සමිති මාෆියාව මේ රටේ ආර්ථික පරිහානියට වගකිව යුතුයි. තමන්ගේ රාජකාරිමය වගකීම ඉටු නොකර අයිතිවාසිකම් ගැන විතරක් හිතන මේ වෘත්තීය සමිති පෝෂණය කරන්නේ, ඒවා මෙහෙය වන්නේ මාලිමාව. හොරකම් වෙනුවෙන් රාජපක්ෂ පරපුර වගකිව යුතුවා සේම වුර්තිය සමිතිවලින් රටට කරපු මහා විනාශයට මාලිමාව (ජවිපෙ) වගකිව යුතුයි...
නිකන් කන එකත් නවතමු...!
ජේ. වී.පී. කාරයෝ හිතාගෙන ඉන්නේ කෝටියක් ඡන්ද ගන්න. ලක්ෂ 3 ඉඳලා කෝටිය වෙන්න තව ලක්ෂ 97ක් ඕනේ කියන එකයි, මේක බංකොළොත් වුණු රාජ්‍යයක් බවත් ගොඩ යන්නට ණය ගෙවන්නත් බටහිර උදව් නැතුව බැරි බවත් ඔවුන් තවම දන්නේ නෑ. ඒ නිසා විහිළු නොකර හිටියා නම් තමයි හොඳ...!
වැඩියෙන්ම හොරකම සිද්ද වෙන්නේ රාජ්‍ය සේවයේ. ඔයාම කියන විදියට එයාලාගෙන් බහුතරය ඔයාට කතිරේ ගහන්නලු ඉන්නේ. ඒක නිසා ඔයා කියන දේ කරයි කියලා විස්වාස නෑ. අනික හැම ඡන්දෙකදීම ඔය කතාව අහලා අහල එපාවෙලා තියෙන්නේ...
ජීවිත කාලය තුළම අනුන්ගෙන් යැපෙන අයගේ පරිත්‍යාගවලින් ලැබෙන මුදල් සහ වත්කම් කොපමණද කියලා හෙළි කිරීමේ ක්‍රමයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි. ලැබෙන වැටුපත්, බලවේගයට යොදලා, ජීවිතේ සැප පහසුවට ගෙනයන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා.
හොරකම නතර කරන්න ඕනෑ කියනකොට දාන ඩිස්ලයික් ප්‍රමාණය දැක්කාම පේනවා මොනතරම් හොරකම අනුමත කරන ජනතාවක් ඉන්න රටක්ද මේක කියලා...