
(සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව් ඩී එම් විතානගේ)
අපි ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛතාවය දෙන්නේ රටෙිි නිශ්පාදන ආර්තික ප්‍රතිපත්තිය තුළ කටයුතු කරන ව්‍යවසායකයාටයි. විදේශ ආයෝජකයාට දෙන සහනම දේශීය ආයෝජකයාටත් ලබාදෙන්නවා. තරුණ ව්‍යවසායකයා හා රටෙි ව්‍යාපාරිකයන් ශත්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා යැයිද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා බියගම මාකොලදී පැවසීය .
නාමල් රාජපක්ෂ මහතා එසේ කීවෙි පෙරේදා (30) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම මාකොල නගරයේ පැවති ජන හමුවෙිිදීය.
පොදු ජන පෙරමුණේ බියගම ප්‍රධාන සංවිධායක බියගම ප්‍රාදේශීය සභාවෙිි හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා මෙම රැස්වීම සංවිධානය කළේය .
එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය
එන්න එන්නම රටෙිි රැකියාව වැඩිවෙනවා. තරුණ පරමිිපරාවකට රැකියා ප්‍රශ්ණයට විසදුමක් ලබාදිය යුතුයි.
සමහරැ ආර්තිවිකය බෙිිරගත්තා කිවවට ආර්ථික ප්‍රතිලාභ ගමට ගිහින් නැහැ. ආර්තිකයේ ප්‍රගතියක් තියනවා නමිි රැකියා උත්පාදනය විය යුතුයි . රැකියා උත්පාදනයක් නැහැ කියන්නේ ඉහල මටිිටමෙිි ආර්ථික ප්‍රතිලාභ ගමට ගිහින් නැහැ.
ඒ නිසා අපි පැහැදිලිවම ඊළඟ වසර පහ තුළ රැකියා ලක්ෂ 10 කුත් ඊලග වසර 10 ට රැකියා ලක්ෂ 20 කුත් නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා යැයි පැවසීය .
අළුත් පරමිිපරාව උතුරේද දකුණේද කියලා නෙමෙයි දකුණේ තරුණයාට තියන විරැකියා ප්‍රශ්නමය තමා උතුරේ තරුණයාටත් තියෙන්නේ. අධ්‍යාපන ආර්ථික ගැටළුත් එසේමයි.
රටක් ගැන හිතලා හරි දේශපාලන තීන්දු ගත්තා නමිි උතුරේත් දකුණේත් තරුණයාගේ ප්‍රශ්නය විසදෙනවා. සමහරවිට ඒ තීන්දුව ගත්තම දේශපාලකයාගේ ප්‍රශ්නය විසදෙන්නේ නැතිව ඇති.
පැහැදිලිවම අපි හදන ප්‍රතිපත්ති තුළ දෙවුන්දර තුඩුවෙිි සිට පේදුරු තුඩුව නියෝජනය කරන මෙිි මහ පොලවෙිි පය ගහලා ඉන්න තරුණයින්ගගේ විරැකියාවෙිි ප්‍රශ්නය විසදුමිි ගෙන එනවා.


COMMENTS
දැන් බලාගෙන ගියාම ඔක්කොම පක්ෂ NPP වගේ වෙලා. හැම පක්ෂයම කියන්නේ NPP ප්‍රතිපත්ති.
ඉතින් මෙච්චර කල් මොනවාද කළේ? අපි වට්ටපු රට හදන්න එන්නේ මේ අය... කාලකණ්ණි...!
අවුරුදු 15 අප්පච්චි... බාප්පා එකතුවෙලා පොල් ගැහුවද? තිබුණේ නෑ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. ඔය බයිලා වලට රැවටෙයි අපි...
මේක රටක් මිසක් ළදරු පාසලක් නෙමේ. මෝඩ බේබිල්ස්ට පාලනය කරන්න. අප්පා දුන්නු පත්වීම් විතරයි. කෝ අධ්‍යාපන සුදුසුකම්. අප්පා රජවෙලා ඉද්දී තමන් මන්ත්‍රි ඊට පස්සේඇමති නමුත් රටේ දේපල විනාශ කරමින්. මුදල් හොරාකෑවා මදිවාට නාස්ති කරපු හැටි... මෙයා වගේ කෙනෙක් කුඹුරු හාන්න මෙයාගේ කතා අහන්න ඇවිත් ඉන්නේ....
ආයේ අමුතුවෙන් කවුරුවත් මේ රටේ නිෂ්පාදන ආර්ථිකය නංවන්න දඟලන්න ඕනෑවෙන්නේ නැහැ. රාජපක්ෂ හොර කල්ලියෙන් මේ රට බේරා ගත්තොත් රට ඉබේටම දියුණු වෙයි. තක්කඩිකමට දෙකට බෙදිලා, එකට එකතුවෙලා හොරාකන මේ එකම කාසියේ දෙපැත්ත මෙන් සිටින කම්බා හොර කල්ලිය ගැන මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා.. තමන්ගේම ජාතිය මරා බලය ලබාගත් මිනීමරුවන් ගැනත් මේ රටේ ජනතාව දන්නවා... ඒ ලේවල ශාපය නුඹලා මත පතිත වෙන්න වැඩි දවසක් නැහැ.. එතෙක් වතුර හැලිය රත්වෙන තුරු තව හොඳට නටා පල්ලා..
කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂණය කිරීම සඳහා ඔබගේ පියාණන් විසින් දරන ලද උත්සාහය අපි අත් දුටුවෙමු. බීජ බෙදා දෙමින් ගෙවතු වගාවලට ද එදිනවල ජනතාව උනන්දු කළ අයුරු අපි දුටුවෙමු. සමස්ථයක් වශයෙන් රට භෞතිකමය දියුණුවක් ලැබූ අයුරු ද ඇසට පෙනෙන දේය... ඉන්පසු ජවිපෙය ප්‍රධාන විපක්ෂය විසින් රටේ ජනතාව තුළ වයිරය, ක්‍රෝධය මතු කරමින් ඔවුන් ඊනියා හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියකට යොමු කළේය. 2010 දී ආරම්භ කළ මේ බොරු පැල කිරීමේ ව්‍යාපාරය යම්තාක් දුරකට 2015 දී මල් ඵල ගැන්විණි. 2019 දී රට නැවත යහපත් ගමනක් ආරම්භ කළත්, ලෝක වශයෙන් ව්‍යාප්ත වූ කෝවිඩ් වසංගත තත්වයත්, යහපාලනයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හරහා උච්ච වූ ආර්ථික අර්බුදය හමුවේ එය පරාජය විය. නොසන්සුන් වූ ජනතාවකට වුනේ මොකක්ද කියා හෝ වෙන්නේ මොකක්ද කියා හෝ අවබෝධයක් නැත. එම නිසා නැවතත් ඔබට සිදුවන්නේ 2005-2015 දක්වා කාලය තුළ රටේ පැවැති ප්‍රබෝධය මතු කරලීමේ අභියෝගයයි. බොරුකාර විනාශකාරින් අභිබවා යාමේ අභියෝගයයි.
භද්‍රානි නෝනා තුළ ඇත්තේ ජවි පාක්ෂිකයන් තුළ ඇති රාජපක්ෂ ක්‍රෝධයයි. වයිරයයි. ඉරිසියාවයි. ඇයගේ කොමෙන්ටු පුරා නින්නාද වන්නේ එය පමණි. ඉන් රටකට ඇති වැඩක් නැත. අවැසි වන්නේ වඩාත් ඉදිරිවාදී විවේචනයන්ය. රාජපක්ෂවරුන් විසින් මේ රටට කර ඇති සේවය මෙවැනි නෝනා මහතුන්ගේ සිවල් නාදවලින් වැසිය නොහැකියි...!
බාප්පත් ඕකමනේ කළේ...
නාමල්ට රටක් කරන්න පුලුවන්... කතා අහලා බලන්න. වැදගත් විදිහට කථා කරන තරුණයෙක්...!
පව් අප්පා, මෙයා මේ වචනවල තේරුමවත් හරියට දන්නවද මන්දා?
නැතුව නැතුව, ඔය ළඟදී අතුරුගිරිය පැත්තේ අයිසුත් නිශ්පාදනේ කරලා තියෙන්නේ...!
පව්ලේ ඔක්කොම එකතුවෙලා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම බන්කොලොත් කෙරුවා. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි අය. කිසිම ලැජ්ජාවක් නැතිව ඡන්දේ ඉල්ලනවා මදිවට බොරු බේගලුත් ගහනවා...!
හොරු හදාපු රටක් කොහේද මිත්‍රයා?
මම නම් හිතන්නේ මෙවර නාමල් ඉල්ලන්නේ දිනන්න බලාපොරොත්තුවෙන්ම නොවේ. තම නායකත්වය විශේෂයෙන් පොහොට්ටුව තුළ ස්ථාවර කරගන්න...
ඔබලා කළේ ඔබලාගේ බඩට... රට කාපු ඔබලා ආයිනම් කවදාවත් මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න එපා..
කිසිම ලැජ්ජා බයක් නැතුව රටම හිනස්සන එක ලෝක පුදුමයට කාරණයක්...!
අප්පා 1970 සිටම පාර්ලිමේන්තුවේ හිටියා... ඒත් නුගේගොඩ හාමුදුරුවෝ කිව්වේ අවුරුදු තිස් ගණනක් හිටියා කියලා තමයි... අපි හිතමුකෝ 1970 සිටි අප්පට හරියට අධ්‍යාපනය නැතුව හිටපු කෙනෙක් වුණත් අවුරුදු 5 පාර්ලිමේන්තුවේ හිටපු නිසා රටේ සංවර්ධනය වෙන්න ඕනෑ කොහොමද කියලා ඉගෙන ගන්න තිබුණා... ඒත් ඉගෙනගෙන තිබුණේ සෑම දේටම තමන්ගේ නම් ගසා ගැනීම පමණයි... ඒත් 1994 සිට බලවත්ම ඇමැති තනතුරු කීපයක් දැරූ අප්පට රටේ සංවර්ධනය ගැන අදහසක් තිබුනේ නැහැ... තිබුණේ කොහොම හරි මුදල් යටිමඩි ගහන්න පමණයි. පළමු උදාහරණය සුනාමි ආධාර ගසාකෑම.... ඉන් පස්සේ වුණත් කොමිස් කුට්ටි ලැබෙන දේවල් මිස විදේශ විනිමය ගන්න පුළුවන් කිසිම වැඩක් කලේම නැහැ. දැන් තමුන් කියනවා මහින්දෝදය විද්‍යාගාර තියෙන පාසල් විශ්ව විද්‍යාල කරනවා කියලා.. දැනට ලංකාවේ තියෙන විශ්ව විද්‍යාල හරියට නඩත්තු කරන්න බැරුව පාසල් විශ්ව විද්‍යාල කරන්නේ කොහොමද? ඉතින් එහෙම අනුවණයෙක් රටේ පාලනය ගතහොත් ලංකාවට දෙයියන්ගේම පිහිටයි...!
රැස්වීම සඳහා ඇවිල්ලා ඉන්න පිරිස් දැක්කාම ලොක්කන්ට බැලමෙහෙවර කරන පිරිසක් කියලා හිතෙනවා... එහෙම නැති කිසිවෙකුට රට කාපු අයගේ රැස්වීම් සඳහා එන්න සමහර විට හිතෙනවා මොවුන් ගෝඨාභය කාලයේ රැකියා ලැබුණු නූගතුන් පිරිසක්ද කියලා...
තව අපතයින්ව නිෂ්පාදනය කරලා ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරන්නද?
පවුලේ අය එකතුවෙලා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට ලෝකෙම හිඟාකන ජාතියක් බවට පත්කරලා හමාරයි. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වැරැදිකරුවන් වූ, අරගලයෙන් ජනතාව පන්නපු පවුලේ කෙනෙක්. ලැජ්ජාවක් නැතුව ඡන්දෙත් ඉල්ලනවා...