IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘ප්‍රධාන සැලසුම් පහක් අනුව රට දියුණු කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල දී අද (31) පැවසීය.

ජීවන බර සැහැල්ලු කිරීම ,රැකියා ලබාදීම,බදු බර අඩු කිරීම,ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම මෙන්ම උරුමය අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම බවද ජනාධිපතිවරයා කීය.

මේ වන විට ජීවන බර 2022ට වඩා අඩුවී ඇතත් එයින් සෑහීමකට පත් නොවන බව කී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් හැකි තරම් සහන ලබා දෙන බව සඳහන් කළේය.

බණ්ඩාරවල නගරයේ පැවති ජනපතිවරණ ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය. මා ස්වාධීන අපේක්ෂකයෙක් වුනේ මේ රට බේරගන්න .මා රට බාරගත් යුගයට වඩා අද වන විට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙනවා.

අපි ගත් පියවර නිසා ජීවන බර පාලනය කර ආදායම වැඩි කරන්නට හැකි වී තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම සහනය ලබා දුන්නා. අප මාස හයෙන් හයට අලුතින් අස්වැසුම ලබා දෙනවා.

සැප්තැම්බර් 22 වැනිදා සිට මගේ සැලසුම ක්‍රියාත්මක කරනවා.

අද වන විට 2022 ට වඩා ජීවන බර අඩු වුණත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවදුරටත් ජීවන වියදම මෙන්ම බඩු මිල අඩු කළ යුතුයි.

හැකි තරම් සහන දීම මගේ අරමුණයි. බඩු මිල අඩු කරන බව අනෙක් පක්ෂත් කියා තියනවා. මම එය කරන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන්.

එදා මා රට බාර ගන්නා විට ඩොලරයට 370 ක් ගෙව්වා .අද වන විට ඩොලරයට ගෙවිය යුත්තේ රුපියල් 300ක් පමණයි . සමෘද්ධිය අස්වැසුමට සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා.ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ටත් ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුත්තේ ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය අප ආරක්ෂිත කරනවා.

රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර යුතුයි.

අනුර සජිත් බදු අඩු කරන බව කියනවා.බදු අඩුකර සහන දෙන්නේ කොහොමද? යම්කිසි ඉලක්කයකට මේ රටේ ආදායම් එකතු කළ යුතුව තිබෙනවා.

වතුකරයේ ජනතාවට පඩි වැඩි කිරීමට අපට හැකි වුණා. ඔවුන් සඳහා අප අස්වැසුමද අප ලබා ලබා දෙනවා. වෙන එක අපේක්ෂකයක්වත් රැකියා දෙන හැටි කියා නැහැ. අප රැකියා ලක්ෂයක් උත්පාදනය කරන්නට කටයුතු කරනවා.රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ස්වයං රැකියා අවස්ථාද අප බිහිකරනවා.නවීන කෘෂිකර්මය සඳහා අප පහසුකම් ලබා දෙනවා.

රැකියා බැංකුවක් ඇතිකර රටේ රැකියා ගැන දැනුවත් කරන බව ජවිපෙ කියනවා.රැකියා නැති නිසා ඒ බැංකුව බංකොලොත් වෙනවා.සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තියේ රැකියා ගැන එක වචනයක්වත් නැහැ.ඡන්දය දෙන්න කියන්නේ මේ අයටද?

මා නියෝජනය කරන්නේ ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස පක්ෂය කඩා දැමුවත් පසුව මම ජේ.ආර්. ජයවර්ධන සේම ආර්ථිකය භාර ගෙන වසර දෙකෙන් ආපහු හැරෙව්වා. ඒ බව මතක තියාගන්න.

 



අදහස් (17)

‘‘ප්‍රධාන සැලසුම් පහක් අනුව රට දියුණු කරනවා‘‘

හේමාල් මිලානෝ Saturday, 31 August 2024 09:50 PM

ඉතින් බලය තියෙන කාලෙ එව්වා කන්න එපැයි. නහින දෙහින කාලේ වෙනකම් උන්නේ...!

:       2       9

sukitha Sunday, 01 September 2024 12:17 AM

5 තමයි හොඳම ගණන. 4ත් අමාරුයි. 6ත් අමාරුයි. මම කැමතිම චක්කරෙත් පස්වරක් චක්කරේ.

:       2       5

විජිත් Sunday, 01 September 2024 12:59 AM

ගම්සභාවක්වත් ඡන්දෙකින් දිනන්න බැරි උද්දච්ච මානසික රෝගියෙක්. තව දවස් 20 ක් ඔය සිහින ලෝකයේ පැද්දී පැද්දී පාවී පාවී සැරිසරන්න. ඡන්ද දායකයින්ගේ සෙනෙහස පුපුරලා සිහිනය මියගිය පසු ඔබව අංගොඩ ගෙනියන්නවත් යමක් හොයාගන්න බැරිවේවි...!

:       3       9

Nimal 1 Sunday, 01 September 2024 02:53 AM

මෙතුවක් කල් මේ සැලසුම් කොහේද තිබුණේ?

:       1       13

ranjith Sunday, 01 September 2024 04:59 AM

දැන් තමයි ඔක්කොම... අවුරුදු 40ක් පොල් ගෑවද?

:       1       13

Swene Haputhantirige Sunday, 01 September 2024 05:28 AM

හැමදා ඇමැති සිරිපාල ෆොටෝ එකේ සුපුරුදු විදියට නිදි...

:       1       11

Janahitha Sunday, 01 September 2024 07:15 AM

පොහොට්ටුවද?

:       1       5

Nalaka Sunday, 01 September 2024 07:17 AM

වටේ set එක... රට දියුණු වෙයි සට සට ගාලා...

:       1       10

වික්‍රම විදුර Sunday, 01 September 2024 09:19 AM

අවුරුදු 47ක් හැදුවානේ... අනේ ඔයා හදන රට...!

:       1       12

ජගත් ලියනගේ Sunday, 01 September 2024 10:23 AM

සැලසුම් 5 මතක් වුනේ දැන්ද? 2022 ජූලි 20 වැනිදා ඉඳලා අද වෙනකං පොල් ගෑවාද?

:       1       10

Perera Sunday, 01 September 2024 11:02 AM

අවුරුදු 47ක් තිස්සේ කරපු කෙහෙල් මලක් නෑ. දැන්ද රට දියුණු කරන්න මතක් වුණේ..?

:       1       11

සමීර මෙල්බෝන් Sunday, 01 September 2024 11:15 AM

මෙගා පොලිස් නගර හදනවා කියපු එකා අද කියන දේවල්. නාකි වෙනකල් පාර්ලිමේන්තුවේ ඉඳලාත් තාමත් රට හදනවා. නෑ අවශ්‍ය නෑ. අපි මාලිමාව ගෙනැල්ලා ඒ ගොල්ලන්ට කියලා අපේ රට හදා ගන්නම්. ඔබලාට මතු ආත්ම භාවයන්වලදී මිනිස්සුන්ට කරපුවා පටිසන්දෙයි. එහෙම නොවුණොත් බුද්ධාගම ඇතුලු අනිකුත් ආගම් සියල්ල බොරු...!

:       3       12

Banda Sunday, 01 September 2024 11:59 AM

මම කිසිම බයක් නැතිව අත් දැකීමෙන් ජනතාවට කියනවා... ඉල්ලා සිටිනවා ඔහුව විශ්වාස කරන්න කියලා. ඔහු තරම් අත් දැකීම්, හැකියාව සහ දක්‍ෂතාවයෙන් පිරි, වෙනත් නායකයෙක් තවත් අවුරුදු පනහකටවත් බිහි නොවන අතර, හැඟීම් වලට වහල් වී වෙනත් අය විස්වාස කළොත් අමාරුවේ වැටෙන එක නියතයි...

:       17       5

Rata Perata Sunday, 01 September 2024 02:09 PM

නිකන් දෙනවා කිව්වාම ඌරු කොටුවේ ඉන්න ඌරන් වගේ සත්තු වුණු පරම්පරාව දැන් නෑ සීයේ... ඒක නිසා දැන් ගෙදර යන්න. දශක ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳලත් කරපු කෙන්ගෙඩියක් නෑ කියලා හැමෝම දන්නවා. කරපු එකම දේ ලංකාවේ පළමු පක්ෂයට මන්ත්‍රීවරයෙක්වත් නැති කරපු එක විතරයි.

:       3       9

බණ්ඩාSunday, 01 September 2024 07:35 PM

තමන් නොදන්නා බයිලා ගහන්න එපා හලෝ. එතකොට ජාතික තරුණ සේවා සභාව, රූපවාහිනිය, ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ගුරු විදුහල් සහ නවීන අධ්‍යාපන ගුරු පාඨමාලා, තරුණ තරුණියන්ට අවස්ථා විවර කල බෙල්වුඩ් ගම්මානය, කර්මාන්ත කලාප, කොටි ත්‍රස්තවාදීන් ගෙන් නැගෙනහිර බේරා ගැනීමට නායකත්වය දීම, කරුණා අම්මාන් වෙන් කර දිනා ගැනීම, සරත් ෆොන්සේකා උතුරට යවා යාපනය බේරා ගැනීම, වගේ දේවල් කලේ කවුද වෙන? ඔහේගේ බාප්පා නෙමේ. ඒ තමයි රනිල්...

:       2       5

gunadasa vithanage. Monday, 02 September 2024 12:12 PM

කලින් ලියපු විභාගය පාස්නම් තමයි ඊලඟ විභාගය ලියන්න සුදුසුකම් ලබන්නේ. රනිල් කලින් විභාගය සමත් දැයි බලමු. 1977 ඉදන් ලියලා එක ප්‍රශ්න පත්‍රයක් වත් සමත් නොවුන බව ප්‍රතිඵල ලේඛනයෙන් ඔප්පුවෙනවා. දැන් අපි විභාගය නොලියපූ හොදටම පාඩම් කරලා බව පේන අපේක්ෂකයා විභාගයට යවමු.

:       2       0

chandima Monday, 02 September 2024 08:56 PM

තව තව ඡන්දෙ ළං වෙද්දී ඔය සැලසුම් ගන්න බැරි වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 1128 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 105 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 417 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 659 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 317 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 236 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 357 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1121 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site