
(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් පහළ දැමූ බව එම සංස්ථාව සඳහන් කළේය.
භූමිතෙල් මිල පෙර මිලේම තව දුරටත් පවතින බව එම සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 377 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307 සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 352 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා දුන්නේ පෙට්‍රල් රුපියල් 156, තව අඩුකරන්න ඕනෑ. තාමත් ගොඩක් වැඩියි.
ටැංකිය පුරවන් ගිහින් අනුරව දිනවමු.
මිළ අඩුකිරීමට හේතුවක් දී නැත. එසේ නම් ඡන්ද ගුණ්ඩුවක් බව සිතා ගනිමු.
හරි ශෝක්... නමුත් ඡන්දෙ දෙන්නේ නැහැ හොඳේ...!
මෙන්න තවත් ඡන්ද ගුණඩුවක්. ජනතාවනි, මේවට අහුවෙන්න එපා... බැරිවෙලාවත් රටයි, ජාතියයි කරුමෙට මෙයාලා දිනුවොත් එදාම ඉඳලා දෙගුණයකින් වැඩිකරාවි. මේවා තමයි මේගොල්ලෝ අවුරුදු 75ක්ම කළේ... ඉතින් මේවට තවත් අහුවෙන්න එපා...