
(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් ගාස්තු සංශෝධනය මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක වන බව කී විජේරත්න මහතා මිල සංශෝධනය සඳහා සූත්‍රයට සියයට 4 ක බලපෑමක් වියයුතු බව ද සඳහන් කළේය.
මෙහිදී මිල රුපියල් 10 කින් අඩු වීමේදී මිල සූත්‍රයට සියයට 4 ක බලපෑමක් නොවීම නිසා ගාස්තු සංශෝධනයක් නොවන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
මිනිසුන් වැඩිපුර ඇවිදිය යුතුය... ඔවුන්ව වර්ජනය කර ඔවුන්ට ලැබෙන ආදායම අඩු කළ යුතුය.
හෙන ගහනවා! පසුගිය දිනක බස් ගාස්තු සංශෝධනයක් කළා... මම හොඳින්ම දන්නා එක් ගමනාන්තයක පෙර පැවැති ගාස්තුව රුපියල් 96/= යි. සියයම ගත්තා ළඟදී අඩුකළාම ගාස්තුව රුපියල් 91/= යි. ආපසු දෙන්නේ රුපියල් පහයි ලංගම ගාස්තුව අඩුකර තිබුණා... දැන් ඒක වෙනස්කර ගාස්තුව 94/= ක් බවට පත්කර ඉතිරි හැටියට රුපියල් පහක් දෙනවා. මෙහෙම තියෙද්දී දැනටත් රුපියල් සීයක් ගන්නවා. කොහේද මෙහෙම වෙන්නේ...? මෙහෙම ඒවා අනන්තවත් තියෙනවා. ඒ ගමන් කියන්න ඕනෑ මුන්දැලා කිසිදාක ටිකට් එකක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකට් පොත් වලින් ප්‍රවාහන අධිකාරියට ආදායම් ඉපැයීම කරන්න පුළුවන් වුණත් ඒ ගැන නොබලන ටිකට් පරීක්ෂකලා මග දිගටම ඉන්නවා... බැලුවොත් 500/= නැත්නම් 1000/= දීලා බසයේ අයිතිකරුම කියනවා... අයිතිකරුගේ ෆෝන් එක වැඩ නැහැ කතා කරන්න බැහැ මේක තියාගන්න කියලා තමයි සල්ලි දෙන්නේ... අධිකාරියට ලැබිය යුතු ආදායම් තමයි අහිමි වෙනවා ඇත්තේ..
බස් මුණුට වැඩිපුර ලාබ අරගෙන ඡන්දෙට පිංකිට වියදම් කරන්න ඕනෑ නේ...!
දැන් මේ රනිල්ගේ සහායට ඉන්නවා කිව්ව කෙනෙක් නේද? ඒ කියන්නේ රනිල්ගේ වැඩ සාර්ථක මදි නිසා මහ ජනතාවට සහන දෙන්න බැරිද?
එහෙම කරන්න එපා, රනිල්ට වාසිවෙන වැඩක් කරන්නකෝ...!
ලංකාවේ ඩීසල් මිල අඩු කරන එකෙන් මහජනතාවට ලැබෙන රෙද්දක් නැහැ. මීට පෙරත් මාස කිහිපයකට කලින් ඩීසල් මිල අඩු කරා එතකොටත් කීවේ තව ටිකක් ඩීසල් මිල අඩු කලොත් බස් ගාස්තු අඩු කරනවා. කියල කොවිඩ් කාලේ සීට වල විතරක් ඉඳගෙන යන්න කියල වැඩි කරපු බස් ගාස්තුවට තමා දිගටම ප්‍රතිශත එකතු කර කර උඩට ගෙනාවේ දැන් යන්නේ පොල් පටවලා. පුද්ගලික බස් සේවය බස් සමාගම් දෙක තුනකට දීලා ,තනි තනි අයිතිකාරයින් ඉන්න එක නැති කරන්න ඕනේ.
ගියපාර සංශෝධනයත් නොවුණා වගේ තමා. ඉතිරි සල්ලි හරියට දෙන්නේ රු 100/- ට අඩු ටිකට්වලින් රුපියල් 80= ටිකට් එකට විතරයි
අඩු කරනකොට නීති ගොඩයි... වැඩි කළානම් මොනවත් නෑ.. පුදුම සංගම්