
(පාලිත මඩුගල්ලේ )
ආසියානු ධාවන ශූරිය වූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වැඩි දුර අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සඳහා ඇමෙරිකාව බලා ඊයේ උදෑසන 3.35 ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස් නගරය කේන්ද්‍ර කර ගත් ටියුලේන් විශ්ව විද්‍යාලයේ වසර හතරක පූර්ණ ශිෂ්‍යත්වයක් සහිතව කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගැනීම සඳහාත් ක්‍රීඩා කටයුතු සඳහාත් තමන් පිටත්ව යන බව විදේශ ගත වීමට ප්‍රථම තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව 'ලංකාදීප' යට පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයක් තරුෂි...!
ඔබ සැමට සුභ පැතුම්
ඇයට ලංකාව අමතක වෙයි
ඇමෙරිකාව කරන්නේ ශිෂ්‍යත්වයක් දීලා මේ වගේ අය ඩැහැගන්න එක… අපේ බදු සල්ලිවලින් පුහුණුව දීලා අපිට ලන්කාවට අන්තිමට හුළං තමයි.
මේ රටේ හිටියොත් අනාගතයක් නෑ. කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, ගණිකාවෝ වෙන්න තමයි වෙන්නේ. පුතේ ඔය ගත්තු තීරණය ගොඩක් හොඳයි. සුබ අනාගතයක්...
සුබපැතුම්... හොඳට උපාධියත් සම්පූර්ණ කරලා ක්‍රීඩාවත් හොඳට පුහුණුවෙලා අපේ සුසන්තිකා වගේ ඔලිම්පික් පදක්කමක් ගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමි...
ලංකාව ඉන්න හිතෙන රටක් උනානම් තරුෂි ඇමරිකාවට යන්නේ නැහැ නේ