(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1)  පැවසීය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද ඊට පෙර සූදානමින් පසුගිය මස වැඩි ප්‍රමාණයක් ඇනවුම් කිරීම නිසා ගැටලුවක් මතු නොවන බව ද පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.