
(අංජුල මහික වීරරත්න)
සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හලාවත දී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාට දැන් කිසිවිටක ජයග්‍රහණය කළ නොහැකි බව කී ජනාධිපතිවරයා සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය අත්වන්නේ අනුර දිසානායක මහතාට බව පැවසීය.
එම කාරණය එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවධාරණය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එම නිසා රට ජයග්‍රහණය කිරීම සඳහා එක්ව කටයුතු කරමු යැයි සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
උතුරෙන් මෙන්ම දකුණෙන් ද තමාට සහයෝගය ලැබෙන බව කී ජනාධිපතිවරයා රටේ හැම පැත්තෙන්ම තමා සහයෝගය ලබාගෙන සිටින බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට දුන්නත් ඔයාට දෙන්නේ නෑ පින් ජනාධිපති...
නැත. සජිත්ට ඡන්දය දීම යනු රට වෙනුවෙන් කරනා යුතුකමකි.. හොරුන්ට, අපරාධ කාරයින්ට එරෙහිව දෙන ඡන්දයකි...
අනුන්ට මඩ ගහන එකෙන් වැඩක් වෙන්නේ නැහැ... තමන් කරපු දේවල් වලට මිනිස්සු ඡන්දෙදී ප්‍රතිචාරය දේවි...
රනිල්ට ඡන්දය දීම යනු නාමල්ට ඡන්දය දීමක්...
සීයා බයවෙලා, එකතුවෙලා එන්නකෝ අනුර පරදවන්න. පන්තිය ගරා වැටෙනවාට මේ මහල්ලන් කලබල වෙලා.
ඒ කියන්නේ සිලින්ඩර් සීයත් දන්නවා කවුද දිනන්නේ කියලා...!
සජිත් එක්ක ඔබතුමා ඩීල් එකක් දා ගත්තා නම් ගොඩනේ...!
තව දින 20 නේ චුට්ටක් ඉවසලා ඉන්නකෝ. ජනතාව කළයුත්ත හරියට කරයි. ඔබතුමා මහා ප්‍රජාතන්ත්‍රවාදීයා නේද? ඉතිං ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස කියලා වගන්තියක් ආණ්ඩුව ව්‍යවස්ථාවේ තිබෙනවනේ. සහ පරමාධිපත්‍යය බලය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ එය ජනතාව සතුයි... ඒ ජනතාව අවතක්සේරුවට ලක්කරන්න එපා....!
ඔහෙට ඡන්දය දීම කල්ඉකුත් වූ, ජනතාව ප්‍රතික්ෂේප කළ, මෙලෝ වැඩක් බැරි කුණු ගොඩක් ජනපති කරගැනීමක්...
පිස්සා හැමවිටම හිතන්නේ අනිත් අයට පිස්සු කියලා. හැබෑට මේ නාකි පිස්සාව අන්ගොඩට ගෙනිහින් දාන්න කවුරුවත්ම නැතිද ? හැබැයි 21 වෙනිදායින් පස්සේ මිනිහා එක්කෝ පිස්සන් කොටුවේ නැත්නම් හිරගෙදර.
හොදම දේ තමයි. තම්නුත්. අනුරට එකතුවෙලා. ඔහුව දිනවන්න. ඔහු උගත් තරුණයෙක් වංචා දුෂණ කිසි දෙයක් ඔහු කරලා නැහැ සජිත් ඔබ කොහොමද ඡන්දය දෙන්න කියලා ජනතවට කියන්නේ හිරේ ඉන්න ඕන ඔබ කරලා තියෙන වැරදි. අපි ඔය වගෙ හොරා කාවානම් අපිව හිරෙ දානවා තමුන්ට හිරේ යන්න වෙනවට නෙඩේත් එක්ක එකෙන් බේරෙන්න.
උතුරෙන් සහ දකුණෙන් ලැබෙන සහයෝගය ළඟදීම පෙනෙයි.
ඔබට ඡන්දය දීම ඡන්දයක් නාස්ති කිරිමක්
රනිල්ට ඡන්දය දෙනවා කියන්නේ... පොහොට්ටුවේ අයට ඡන්දය දෙනවා වගේ.. හරි සරලයි...
ජනාධිපතිවරණය දිනන්න හැකි වන්නේ උපරිමයට බොරු කිව්ව නම් තමයි. ඔබතුමාට ඒ ගැන හොදටම අත්දැකීම් තියෙනව නේද? බලන්න ටිකක් අනුර දිහා.
දෙපැත්තෙන්ම සහාය ඔයාට තියෙනවා නම් මොන මගුලකටද සජිත්ගේ...! අනුරගේ පැල්ලම් හොයන්නේ...!
47 වසරක් දේශපාලනේ හිටපු පස් වතාවක් අගමැති වෙච්චි තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
රනිල් තරම් කුහකයෙක් තවත් නැහැ. සජිත් දිනනවාට තියෙන ඉරිසියාව. සජිත් unp හිටියා නම් කවමදාකවත් ඉහළට එන්න දෙන්නැහැ. එක්කෝ කාරිය වසම් නැත්නම් විජේවර්ධන නායකයා කරන්නේ. රනිල් විතරක් නෙවෙයි ඒකෙ ඉන්න සෙට් එකම එහෙම තමයි. පොඩි මිනිහෙක් ජනාධිපති වීම වළක්වනවා. ගැමුණු විජේසුන්දර යූටියුබ් එකේ දමලා තිබුණා. ගෝඨාභය ඉල්ලූ සැරේ සජිත්ට නෙවේ ඡන්දය දුන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාට කියලා අවසරය පිට ගෝඨාභයට උදව් කළා කියලා. ඒ සැරේ රනිල් ඇතුලු ඒ සෙට් එක ඒ සැරේ සජිත් මහතාට ඡන්දය දුන්නේ නැහැ. ගෝඨාභයට දීලා තියෙන්නේ. මේ වතාවේ දන්නවා රනිල් පැරදෙන බව. ඒ නිසා සජිත් දිනන එක වළක්වන්න අනුර දිනවන්නයි හදන්නේ. අනුරට වඩා කුහකයි, ඉරිසියයි රනිල් සහ ඒ කණ්ඩායම...
ඔබතුමාට තිබෙන ලොකුම ප්‍රශ්නය සජිත් මහත්තයා දිනලා ඒ ඔස්සේ හෝ වසර තිකට අධික සාපයක් විදින එක්සත් ජාතික පාක්ෂිකයින්ට සහනයක් ලැබෙයි කියන එක. එනිසා අනිවාර්යයෙන්ම දන්නවා තමන් පරදිනවා කියන්න නමුත් සජිත් මහත්තයා දිනන එක වළක්වලා ජේවීපී එකට බලය දීම. එය කරන්න සැනසිල්ලේ අවසන් හුස්ම හෙලන්න ලැබෙයි. හිතනවා නම් රට ගැන පක්ෂය ගැන එක්සත් ජාතික පාක්ෂිකයා ගැන.