
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප‍්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්‍ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජනක ප‍්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය.
පසුගිය අගොස්තු 21 හෝ ඊට ආසන්න දිනයක ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිටදී තෝරාගත් පිරිසකට ඡන්ද පත‍්‍රිකාවක් ලෙස සැකසු කොලයක් ලබාදි තිබේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් හයදෙනෙකුගේ නම් එහි සටහන් කර තිබුණ බව ද පැමිණිල්ලේ සදහන් වෙයි.
රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, අනුරකුමාර දිසානායක, නාමල් රාජපක්‍ෂ, දිලිත් ජයවීර, සිරිතුංග ජයසුරිය යන නම් හය එහි තිබී ඇත. නගරයට ආගිය දහසකට එම කොළ දී ඡන්ද මධ්‍යස්ථානයක මෙන් කාඞ්බෝඞ් වලින් ආවරණය කළ ස්ථානක සිට ඡන්දය ලකුණු කර අසල වු පෙට්ටියකට ඒවා දමා ඇත.
පසුව ඡන්ද ගණන් කර එහි ප‍්‍රතිඵලය යැයි කියන දත්ත මුහුණු පොත මගින් ප‍්‍රචාරය කර ඇති බවත් මුහුණු පොතේ වීඩියෝවේ දැක්වෙයි.
ඇඹිලිපිටියේ ජනතාවගේ තීරණය බව පවසමින් ඒ ඒ අපේක්‍ෂකයා ගත් ඡන්ද ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය ප‍්‍රස්ථාරයක් මගින් ද මුහුුණු පොතේ දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල පෙරේතකම තමයි ජනතාව ඡන්දය පාවිච්චිකරලා ප්‍රතිඵල දෙනකන් ඉන්න බැහැ. මේ අයට ඡන්දෙ දෙන්නම හොඳ නැහැ...
සැබෑවට ඡන්දේ නොලැබෙන අය සල්ලි දීලා කරන වැඩ. මේවාට රැවටෙන අය නැහැ...!
සුදා කියන යූටියුබ්කාරයත් කරන්නේ සමික්ෂණ කියලා ජාතියක් කරලා මිනිස්සුන්ගේ මොල වෙනස් කරන එක...!
මිනිස් අයිතියක්...